දලුපත අනවසර ගොඩනැගිල්ල හදන්නට නැවත අවසර ලැබුනේ කාගෙන්ද?

0
177

IMG-20200112-WA0072IMG-20200112-WA0075

දලුපත , මෙතෝදිස්ත දේවස්ථානය සපසුකළවිට හමුවන තුංමන්හන්දියේ ඇති ඇල අසල අනවසර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධව ප්‍රදේශවාසීන් …දින ඊට එරෙහිව විරෝධතාවයක් ගෙනගිය අතර අප තතචමේ පිළිබඳව මීගමුව මහ නගරසභාවේ තාක්ෂණ නිලධාරිනියට දැනුම් දෙන ලදී. ඒ පිළිබඳව අප දුරකතන මාර්ගයෙන් ඇය සමඟ සාකච්ඡා කළ අතර ඇය පැහැදිළිවම මෙය අනවසර ඉදිකිරීමක් බව පිළිගන්නා ලදී .එසේම වහාම ක්‍රියාත්මක වූ තාක්ෂණ නිලධාරිණිය ඒසඳහා මැදිහත්විය. මේ අනුව එදින එහි වැඩකටයුතු නතර කිරීමට හැකි විය .
නමුත් මේවනවිට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම නැවත ආරම්භ කර ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳව නැවත තාක්ෂණ නිලධාරිණි දිනිති මහත්මියගෙන්  විමසා ඇත. මේ අනුව ඇය සඳුදා (13 දින ) පැමිණ මේගැන විමසා අදාල කටයුතු සිදු කරන බව ප්‍රකාශ කරන ලදී .
ප්‍රදේශවාසීන් ඉදිරියේ මෙම ගොඩනැගිල්ලේ අයිතිකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් නිමල් ලංසා සහ දයාන් ලංසා යන දෙදෙනා ගේ යහළුවෙකු හෙයින් මෙය ගැටළුවක් නොවන බවය. මෙම ප්‍රකාශය විසින් නැවත නැවතත් තහවුරු කරනු ලබන්නේ මීගමු නගරයේ පවතින දේශපාලනයේ සහ පාලකයින්ගේ ස්වභාවයයි.
දේශපාලනික බලය තමන්ට ආරෝපණය කර ගනිමින් ඉදි කරන ලද මෙම අනවසර ගොඩනැගිල්ල සේම මීගමු නගරයේ අනෙකුත් අනවසර ගොඩනැගිලි පිළිබඳ වද තත්වයද මේ අනුව අවබෝධ කර ගතහැක.
ප්‍රදේශවාසීන් මෙම ගොඩනැගිල්ල ඉදිකළ මුල් අවස්ථාවේදී මේ ස්ථානයේ ස්වභාවය ගැන අදහස් දක්වමින් කියා සිටියේ වැසි දිනවල මෙම පාරේ ගමන් කිරීමට අපහසු වන පරිදි ගංවතුරින් යටවන බවයි . මෙම ගොඩනැගිල්ල ඉදිරිපස ඇලට සම්බන්ධකර ඇති කුඩා කානුව පටු හෙයින් ඉදිරියේදී එම තත්වය වැඩිවන බව ප්‍රදේශවාසීන් තවදුරටත් පවසයි. මෙවැනි අැලවල් වසා ඉදිවන අනවසර ගොඩනැගීම් සියල්ල ඉහතකී දේශපාලනය පිළිබිඹු කරන කැටපතක් බව කිවයුතුය .