දවල් මිගෙල් රෑ දනියෙල් !

0
59

සජිත් කාවින්

එක්සත් ජාතික පක්ෂය තවමත් සිය ජනපති අපේක්ෂකයා නම් කොට නැත. එහෙත් එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් එජාප ජනපති අපේක්ෂක විය යුත්තේ සජිත් ප්‍රේමදාස යැයි කියමින් අරගලයක නිරතව සිටින බව පෙනේ.
මේ පිරිසේ නායකත්වයෙන් ඊයේ දිනයේ බදුල්ලේ ජනරැළියක්ද පැවැත්විණි.
රට මිනිමරු භිෂණ යුගයක ගිල්වා තිබුණ රාජපක්ෂ රෙජිමය පරාජය කිරිම සදහා 2009 සිට අරගලයට පිවිස තිබුනේ මේ රටේ සිවිල් සංවිධාන ප්‍රමුඛ නිදහසේ වේදිකාවයි.
කොටින්ම කියන්නේ නම් එජාප නායක රනිල් වික්‍රමසිංහට ජනතාව ඇමතිම සදහා සම්මන්ත්‍රණයක් දිස්ත්‍රික්ක මට්ටමෙන් සංවිධානය කරගැනිමටවත් මුලිකත්වයක් ගන්නට බොහොමයක් එජාප ආසන සංවිධායකයන්ට නොහැකි විය.
කෙසේ වෙතත් 2015 දි රාජපක්ෂ රෙජිමය තීරාණාත්මක ලෙසින් පරාජය කරනු ලබන්නේ ඒ වෙනුවෙන්  පෙළගැසුන දැවැන්ත සිවිල් සමාජ ව්‍යාපාරය මෙන්ම එජාපෙ ජවිපෙද මෙන්ම ජාතික ද්‍රවිඩ සංවිධානය මුස්ලිම් කොංග්‍රහය සහ තවත් දේශපාලන පක්ෂවල ඒකාබද්ධතාවයෙන් සැදුම් ලත් දැවැන්ත දේශපාලන පෙරමුණක් විසිනි.
එය සැබැවින්ම සිවිල් බහුජන සහ දේශපාලනික පෙරමුණකි.
පොහොට්ටුව දැන් සිය අපෙක්ෂකයා නම් කොට තිබේ. ඔහු මෙරට දේශපාලනය  අතිශය බිහිසුණු යුගයකට කැදවාගෙන ගිය රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය .
පවුලට යළි බලය ගැනිම සදහා ඉතිහාසය පුරා හම්බකරගත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරමින් රාජපක්ෂලා මෙවර දැවැන්ත මැතිවරණ අභියෝගයක් මුදාහරිනු නියතය..
දැන් එජාපය හමුවේ ඇති ඇත්ත අභියෝගය එයයි.
එයට මුහුණ දෙනවා හැරෙන්නට වෙට්ටු දමා එය පසුකර යාමට හෝ වෙනත් කෙටිමං සේවිමට කාලයක් නැත.
ජවිපෙ සිය ජන බලවේගයත් සමගින් සිය අපේක්ෂකයා අගොස්තු 18 වෙනිදා ඉදිරිපත් කිරිමට නියමිතය.
එබැවින් 2015 දි මහින්දලාට ඒකාබද්ධ අභියෝගයක් එල්ල කරන්නට පොදුඅපෙක්ෂකයෙකු වටා ගොනුව තිබුණ ජවිපෙද දැන් වෙනස් මගක් ගෙන තිබේ.
එජාපය සිය අනාගත තුරුම්පු ඇදිම තින්දු කළයුතුව ඇත්තේ මේ සියලු කරුණු සැලකිල්ලට ගෙනය.
එහෙත් එජාපේ අතිබහුතරයක් දෙනා මේ අවස්ථාවේ කටයුතු කරනුයේ සිය පුද්ගලික උවමනාවන් පෙරට දමා අනාගත සිහින දකිමින් විවිධ ඩීල් කරා යාමටය.
මේ සියලු යථාර්ථයන් හමුවේ දැන් රනිල් පිළක් සහ සජිත් පිළක් යනුවෙන් බෙදිමක් ඇතිව තිබේ.
සකාලාකාර බෙදිම් අස්සේ දවල් මිගෙල් සහ රෑ දනියෙල්ලාද වෙයි.
මේ අය දවල්ට රනිල් සමගත් රාත්‍රියේ සජිත් සමගිනුත් හැංගිමුත්තන් කෙළිමින් සිටිති.
ගෝඨාභය හා රාජපක්ෂ පවුල විසින් මේ රටහමුවේ තබා ඇති අති බිහිසුණු ඉරණම ගැන කිසිදු නිනව්වක් මේ මිගෙල්ලාට ඇත්තේම නැති ගානය.
පිස්සන්ට හැතැම්ම ගැන වගක් නැත.