ඔයාගෙ නම…
මම මලිත්. ඇන්ටන් ප්‍රභාත් මලිත් මිරැන්ඩෝ.
පුද්ගලික විස්තර ටිකක් කිව්වොත් …
මගෙ ගම පිටිපන .මේ රස්සාව කරන්න පටන්ගෙන දැනට අවුරුදු 12 ක් විතර වෙනව. අපිට වෙන රස්සාවක් කරන්න බෑනෙ . මගෙ බිරිඳ මගෙන් වෙන්වෙල . දරුවෙක් ඉන්නවා . එයා තවම ස්කෝලෙ යනවා .
ඔබේ රස්සාව විශේෂයි. කොහොමද ඒ ගැන තොරතුරු .
අපි මධ්‍යම රාත්‍රි 12ට තමයි වැඩ පටන් ගන්නෙ. ඊටපස්සෙ දවල් 12.00 වෙනකම් එක දිගට වැඩ තමයි . දවසකට කිලෝ 2000ක් 3000ක විතර බර උස්සනවා. මේක කරලම දැන් හොඳ පල පුරුද්දක් තියෙනවා . තවත් බර උස්සන අය 25ක් 30ක් මේ ලෙල්ලමේ ඉන්නවා .
ආදායම එහෙම …
මම දවසකට රු. 2500කට වැඩිය හොයනවා. ඒවුනත් මෙතන අයට අපි වැඩ කරනකන් හොඳයි . පොඩි දේටත් බැනුම් අහන්න වෙන අවස්ථා තියෙනවා.
මොහු ගැන ව්‍යාපාරිකයකු වන සුරේෂ් කියන්නෙ මෙවනි අදහසක්..
මලිත් කියන්නෙ ශක්තිමත් මිනිහෙක් . දවසකට ටොන් 2 1/2 කට වැඩිය උස්සනවා . දවසක් තක්කාලි කේස් දෙකක් අත් දෙකට අරගෙන ලොරිය උඩ ඉඳල බිමට පැන්නා. ලෙල්ලමේ දැන් හුඟක් බර ගෙනියන්නෙ කරත්ත වලින් නමුත් කරත්ත වලින් බැරි අවස්ථා වල ඔළුවෙන් තමයි අදින්නෙ.
මේ අය ශ්‍රමයේ උපරිම සීමාව දක්වා යනව. ආරක්ෂාවක් , වගකීමක් නෑ. බර උස්සන්න පුළුවන් තාක් වැඩේ යනවා. නිකං ඉඳගෙන පඩි ගන්න අය වගේ නෙවෙයි උපරිම තමන්ගේ ශ්‍රමය මත තමයි ජීවිතේ රැඳිල තියෙන්නෙ .ලෙල්ලමේ බර උසුලන්නෝ කොඳු ගෙවෙනකන් වැඩ කළත් , වැඩ කළ හැක්කේ එක් සීමාවක් දක්වා පමණි. ඔවුන් කොතෙක් අනෙක් අයගේ බර ඉසුලුවත් ප්‍රාග්ධන හිමියෙකු විය නොහැක .
සමහරු බර ඉසිලීම නිසාම වයසට ගොස් ඇත . නමුත් තවමත් ජීවත්වීම සඳහා ඔවුන් බර උසුලති. උසුලන බරේ ප්‍රමාණයට සාපේක්ෂව මේ ජීවිත සුඛිත මුදිත වන්නේ නැති නමුත් හැන්දෑවට අඩියක් ගසා සිංදුවක් කියා ඔවුන් තම බර හෑල්ලු කර ගනිති .