දවසට එක වැඩක් ? නගරාධිපතිගේ ගමේ අනතුරුදායක වලක් !

0
315

IMG-20200220-WA0015IMG-20200220-WA0018

වැල්ලවීදිය සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිට ඇති වල ගැන මීට පෙර අප සඳහන් කළ නමුත් තවමත් වගකිවයුතු අය යම් විසඳුමක් යොදා නැත. වැල්ලවීදිය ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අප සමඟ මෙහි අවධානම් තත්වය ගැන අදහස් ප්‍රකාශ කර ඇත .IMG-20200220-WA0017
මෙම ස්ථානයේ කොලකැඳ විකුණන අයෙකු ප්‍රකාශකළේ මෙහි නිතර මිනිස්සු වැටී තුවාල සිදු කරගන්නා බවයි . එම ස්ථානයට කැඳබීම සඳහා පැමිණි කාන්තාවක් ප්‍රකාශකළේ එක්දිනක කාර් එකක් හැරවීමට ගොස් මෙහි වැටුනු බවත් , තවත් අවස්ථාවක කාන්තාවක්ද වැටී තුවාල සිදුකර ගත් බවය. මෙහි සිටින ත්‍රිවිල් රියදුරු මහතෙකුද මෙහි අනතුරු දායක බව පෙන්වා දුන් අතර වල විශාල නිසා තාවකාලික පිළියමක් යෙදීමෙන් වැඩක් නැති බවයි. තවත් කාන්තාවක් මෙහි ජරාව දැමීම නිසා හමන දුර්ගන්ධය ගැන සහ ඉන් පරිසරය අපිරිසිදු වීම ගැනත් පෙන්වා දෙන ලදී .IMG-20200220-WA0020
නමුත් මේ කිසිවෙකු තම අදහස මේ අසලම සිටින නගරසභාවේ නගරාධිපතිවරයාට පැවසීම සඳහා ඉදිරිපත් නොවේ. එයට හේතුව ඔවුන් මේ පුද්ගලයාගේ ස්වභාවය දන්නා බැවිනි. මෙම පුද්ගලයා තමන්ගේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් සිදුකළ කිසිවක් නැතිබව ඔවුන්ගේ පොදු අදහසයි.