මීගමුව ආශ්‍රිතව විවිධාකරවූ වෘත්තීන් වල නියෙලෙමින් සිය ජීවන සටනට පණදෙන කාන්තාවන් කීපදෙනෙකුගේ ජීවිත අත්දැකීම් පිළිබද විමසුමක්
මිගමුව කෙලින් වීදියේ අලියා මරික්කාර් වෙළඳසැල ඉදිරි පිට පදික වේදිකාවේ පළතුරු වෙළව්දිකාවේ වෙළඳාම් කරන ඩබ්.ඇම් .පෙරේරා – වයස අවු 58
මිගමුව කෙලින් වීදියේ අලියා මරික්කාර් වෙළඳසැල ඉදිරි පිට පදික වේදිකාවේ පළතුරු වෙළඳාම් කරන ඩබ්.ඇම් .පෙරේරා – වයස අවු 58යි
කොහොමද පාරේ වෙළඳාම ?
මම බටේපොළ ඉදලා මීගමුවට එනවා බස් එකේ. මම මෙතෙන්ට එන්නේ අවුරුදු 05ක ඉදලා. ගමෙන් එකතුවෙන පළතුරු,කොහිල දළු ටික අරන් එනවා. සමහර පළතුරු , වෙරළු වගේ අවාරෙ කාලෙට කොළඹින් ගන්නවා. සාමාන්‍ය දවස්වලට මෙතනට ටිකට් එක රුපියල් 20යි.
පොළ දවසට රුපියල් 100යි. ඒ තරම් බිස්නස් එකක් නෑ හැමදාම. සමහර අය පස්සේ සල්ලි දෙන්නම් කියලා පළතුරු අරන් යනවා. සමහර වෙලාවට ඒවායේ සල්ලි හම්බ වෙන්නෙත් නෑ.පායන කාලෙට පළතුරු ගොඩක් ඉදෙනවා -නාස්ති වෙනවා. පරෙස්සම් කරගන්ඩත් අමාරුයි.
මට මීගමුවට එන්ඩ බස් එකට රුපියල් 70ක් යනවා. ත්‍රීවිල් එකට රු.60යි. දවල්ට පොඩි දෙයක් කාලා ඉන්නවා. දවසේ ආදායම ඉතින් මගටම ඉවරයි. ගෙදර ගිහින් තමා බත් ටිකක් කන්නේ.
ගෙදර කවුද තව ඉන්නේ ?
මහත්තයයි මමයි විතරයි. එයා සිස්ටර්ලගේ කන්‍යාරාමයේ උදව්වට යනවා. පුතා බැදලා පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. දරුවන්ට එයාලගේ වියදම් කරගන්ඩත් බැරි කාලයක් මේක.
මිගමුව උසාවිය පිටුපස බෝට්ටුවල දැල් ඛේරමින් මාළු රස්සාවේ නිරතවි එදා වේල සොයාගන්නට පැමිණෙන කාන්තාවන් තිදෙනෙක්.
කාමලී (42)
වැඩ ඉවරද ?
ඔව් අපි උදෙන්ම එනවා. ඇවිත් මෙතන ගොඩවෙන බෝට්ටු වල මාලු ඛේරනවා පැය 4ක් විතර හිටියා. රු.500ක් හොයා ගත්තා..උදේට කෑවා. රු100යි. ගෙදරට මාලු ගත්තා රු 200ක. දැන් මමයි යාලුවයි රු.50 ගානේ දාලා අක්කර පනහට යනවා ත්‍රීවිල් එකේ.
විජය ලක්ෂමී (60)
ගම – මුන්නක්කරය කුරුස පල්ලියේ
අද කීයක් හොයා ගත්ත ද – රු.150යි.
මොකද ඒ අඩුවුණේ –
මම මාලු ඛේරන්නේ හෙමිහිට. ඛේරපු විදිහට තමයි සල්ලි ලැඛෙන්නේ. මාලු ටිකකුත් ලැබුණා.
මේ කාලේ මාලු අහුවෙනවා අඩුයි.ඒ නිසා පාඩුයි. මැයි මාසේ අන්තිමට තමයි මාලු හොදට අහුවෙන්ඩ පටන් ගන්නේ.
පරමේෂ්වරී ( 50 )
මමත් ඉන්නේ කඩොල්කැලේ තමා. මේ දවස් වල නම් පාඩුයි මාලු අහුවෙන්නේ නෑ.ඒත් ඉතින් ගෙවල් වලට වෙලා ඉන්ඩ බෑනේ. මගේ මහත්තයා නෑ. දරුවෝ බැදලා වෙන්වෙලා. ඒත් දරුවන්ව බලාගෙන ඉන්ඩ බෑනේ. තාම අතපය තියෙන නිසා කීයක් හරි හොයා ගන්ඩ මෙතෙන්ට එනවා.
මීගමුව ඔරලෝසු කණුව අසල රෝයල් ආකේඩ් ගොඩනැගිල්ලේ මැහුම් සාප්පුවක් ( ෂනුකි ටේලර්ස් ) පවත්වාගෙන යන නිර්මලා මහත්මිය.
මගේ ගම දංකොටුව. මම මෙතන ඇඳුම් මහන්ඩ අරන් අවුරුදු 10ක් වෙනවා.මේ ගොඩනැගිල්ල පටන් ගත්ත අලුත.මගේ කඩේට කුලිය වුණේ රු 15000ක්. දැන් 2300ක් ගෙවනවා. අපි පරණ අය නිසා කුලිය ඒ තරමට හරි තියෙනවා. දැන් අලුත් කඩ වල ගාන 50000ක්.
මේ කාලේ බිස්නස් කොහොමද ?
ගිය අවරුද්දේ බිස්න්ස් හොදට තිබුණා. මේ අවුරුද්දේ නම් සෙනඟ නෑ. තාම හරියට බිස්නස් නෑ,
මොකක්ද හේතුව ?
මෙතෙන ගොඩාක් තියෙන්නේ වෙඩින් වලට අවශ්‍ය. සාරි ,මල්,ආභරණ ආදී බිස්නස්.
වෙඩින් වල මනමාලියන්ට අන්දන අයට හැම බිස්නස් එකකින්ම කොමිස් එකක් ලැඛෙනවා. මනමාළිගේ සාරිය ගත්තහම එයාටත් කොමිස් එකක් ලැඛෙනවා. මොකද අන්දන කෙනානේ මනමාළිව එතනට අරන් එන්නේ. මේ දවස්වල ඒ අය එයාලට කොමිස් තියෙන වෙන තැන් වලට කස්ටර්මස් ලාව අරන් යනවා.වෙඩින් වලට ඇඳුම් මහන්ඩ මං ලගට එන අය සාරි ජැකට් එකක් මහනකම් පැයක් දෙකක් මේක ඇතුළේ කැරකෙනවා. එහෙම ඉද්දී මොනවාම හරි ගන්නවානේ. මේ දවස් වල එහෙම නෑ.
මැහුම් ක්ෂේත්‍රයේ බාගෙට වැඩ ඉගෙන ගත්ත අය වැහි වැහැලා. ඇදුම් මහගන්ඩ එන අය බොහෝම අමාරුවෙන් සල්ලි දීලා රෙද්දක් පිළියක් මහගන්ඩ ආවහම බොහෝ විට එයාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. ඇදුම් හරියට මහන්නේ නෑ. බොරු ගණන් අයකරනවා. ඇදුම් මහන්ඩ දන්නවා කියලා පාරිභෝගිකයින්ව රවට්ටනවා. ඒ වාගේ අය දැන් ගොඩාක් ඉන්නවා මෙ අවට.
නිර්මලාගේ ව්‍යාපාරය කොහොමද ?
සාරි ජැකට් තමා මම වැඩිපුරම මහන්නේ. මගුල් උත්සව නැති කාලෙකට තමා අනිත් ඇදුම් මහන්නේ. මගෙන් සාරි ජැකට් මහන්ඩ ගොඩාක්ම පාසල් වල ගුරුවරියෝ එනවා. වෙන්නප්පුවෙන් එනවා. සමහරු පුත්තලමේ ඉදලත් එනවා. පුත්තලමේ ඉදලා එන අය කෝල් කරලා දැනුම් දීලා ඒ අය එකතු වෙලා වාහනක් කතා කරගෙන එනවා. ඇවිත් වෙඩින් එකක් තියෙනවා නම් ඒකට යන්ඩ සාරියත් අරගෙන ජැකට් එකත් මහගෙන මීගමුවේ බීච් එකටත් ගිහින් රෑ වෙලා තමා යන්නේ.
මම මෙතන මහන ගමන් ඇල පාරේ තියෙන බිල්ඩින් එකක කඩ කාමරයක් ගත්තා. මෙගේ ගමේ ඉඩමක විකුණලා ලක්ෂ 44කට ඒ කඩ කාමර දෙක ගත්තා. එතන දැන් තව කීපදෙනෙක් මහනවා. මම උදේට ඇදුම් කපලා එයාලට මහන්ඩ දීලා තමයි මෙතෙන්ඩ එන්නේ. මෙතන ආරක්ෂාව වගේම වැසිකිලි පහසුකම් හොදයි.
වියදම ගියාම ලාභයක් ගන්ඩ පුලුවන් ද?
මාසෙකට කරන්ට් බිල් රුපියල් 3500ක් විතර වියදම යනවා. වැඩකරන අයට පඩි දීලා අපි ඉතින් කාලා ඇදලා ඉන්ඩ අපේ ජීවන වියදම හොයා ගන්නවා. නමුත් අසාධාරණ විදිහට බොරු ගණන් අයකරනේනේ නෑ. මම ලඟටත් එනවා වෙඩින් ඇදුම් වලට තැරුව්කරුවෝ,
වෙඩින් වලට තැරුව්කරුවන්. ඒ කියන්නේ වෙඩින් එකක ඇදුම් මහන්ඩ අල්ලලා දුන්නහම එයාලට කොමිස් එකක් අපි දෙන්ඩ ඔ්නා. එතකොට ඒ ගානත් එකතු වෙන්නේ අර මනමාළිගේ ඇදුම් වල කුලියට. මම නම් කියටවත් ඒවා කරන්නේ නෑ.
ඇත්තටම අපි දන්නවා මිනිස්සු මගුල් ගෙයක් ගන්නේ කොච්චර අමාරුවෙන්ද ,කොච්චර ණය බරකින්ද කියලා. ඒ නිසා මම කෙලින්ම ගනුදෙනු කරන්නේ අවශ්‍යතාවය තියෙන කෙනා එක්ක පමණයි.
කලුආරච්චිගේ මේරි රීටා සෙලින් – ඔරලෝසු කණුව අසල රෙිදි සාප්පු පේළියේ ඇදුම් මහන්නියක්
අම්මා මේ රස්සාව පටන් ගත්තේ කොහොමද ?
මම ඇඳුම් මහන්නේ අවුරුදු 14 ඉදලා.අපේ අම්මාගෙන් තමයි මම මහන්ඩ ඉගෙන ගත්තේ.අපේ ගෙවල් තිබුණේ මේන් ස්ට්‍රීට් එකේ.මම ඉස්සර මැහුවේ DSI එක ලඟ. පස්සේ ඒක කැඩුවට පස්සේ මගේ යාලුවෙක් එයාගේ රෙදි සාප්පුව ඉස්සරහා මට පොඩි තැනක් දීලා තියෙනවා. මෙතනට ඇවිත් දැන අවුරුදු 40ක්.
පදිංචිය කොහෙද ?
අපට කඩොල් කැලෙන් ඉඩම් හම්භ වුණා. දෙවන අදියරේ 32/4 තමයි මගේ ලිපිනය.
මොනවගේ ඇඳුම් ද වැඩිපුර මහන්නේ ?
කාන්තා ඇඳුම් තමා වැඩියෙන් මහන්නේ. ඇඳුම් වල සයිඩ් අල්ලන එවා ගොඩාක් එනවා. පාසල් ඇඳුම් මහනවා,සාරි ජැකට් මහනවා. සායවල්,ගවුම් ඔ්න එකක් මහනවා.
ඔ්නම ඇඳුම් පැටන් එකක් මහනවාද ?
ඔව්. ගෙනත් දෙන පැටන් වලට මහලා දෙනවා. පාරේ ඇදන් යන ගවුම් මෝස්තරත් බලලාත් මහනවා.
මෙතන තියාගෙන කොහොමද ඇඳුම් කපන්නේ ?
මම ඇඳුම් කපන්නේ මැෂින් එක උඩ තියාගෙනමයි. හැඩ සායක් කපන්ඩ උනොත් විතරක් මම කඩේ ඇතුලේ තියාගෙන කපනවා.
කොහොමද ඔයාගේ අයකිරිම ?
අවුරුදු 15-16 විතර ගෑනු ළමයින්ගේ ඉස්කෝලෙ ගවුමකට රුපියල් 500ක් ගන්නවා. සාරි ජැකට් එකක් – සාමාන්‍ය එකකට 500යි. ලයිනින් කරනවා නම් 800ක් ගන්නවා.සරමක් මූට්ටු කරන්ඩ දැන් රු 100-75 වගේ ගන්නවා.
ඒ කාලේ වගේමද දැනුත් රස්සාව හොඳද?
ඉස්සර නම් ටුවරිස්ලා නිතරම එනවා. ඒ වගේම ගොඩාක් රෙදි මහනවා. හොදට ගෙවනවා. නමුත් දැන් නම් ටුවරිස්ලා එහෙම මහනවා අඩුයි – ඒ වගේම සල්ලි දෙන්නෙත් නෑ.ඒ කාලේ හම්භකරපු විදියට දැන් හොයන්ඩ බෑ. දැන් හැම තැනම රෙඩිමේඩ් ඇඳුම් වැහි වැහැලා. ඒ විතරක් ද පරණ ඇඳුම් විකුණනවා රු 50 ට 100ට.ඒවා තමා ගොඩාක් අය ගන්නේ. සමහර ලොකු නෝනලා ඇවිත් ගෝනි පිටින් ගෙනියනවා. සමහරු මගුල් ගෙවල් වලටත් ඒවා අදිනවා. ඉතින් කොහොමද අපිට රස්සාව සරු වෙන්නේ. දැන් මේ ඇඳුුම් සාප්පු වලටත් බිස්නස් අඩුයි.
පවුලේ තොරතුරු..
මට දරුවෝ 7 දෙනයි. පුතාලා දෙන්නයි,දුවලා හතරයි. මගේ එක පුතෙක් නැති වුණා. මහත්යත් නැති වුණා. ඒ නැති වෙලා දැන් අවුරුදු 10ක්. දැන් මට වයස අවරුදු 74ක්.
දුවලා තුන්දෙනෙක් ඉතාලියේ රස්සාව කරනවා. මමත් 2017 අගෝස්තු වල ගිහිල්ලා ඔක්තෝම්බර් වල ආවා. පාදුවා ගියා. ප්‍රන්සය වගේ තැන්වලත් සංචාරය කරන්ඩ ලැබුණා.
දැන් මං ලග ඉන්නේ බාල පුතා (ගිහාන් ලෝරගේ )
මම මේ රස්සාව කරලා තමයි දරුවෝ සේරම හැදුවේ. එයාලගේ වැඩකටයුතු කලේ.ඒත් තවමත් මගේ දෑතේ හය්ය තියෙනවා වැඩ කරලා මගේ දේවල් කරගන්ඩ. ඒ නිසා මම තවමත් දරුවන්ට කරදර කරන්ඩ කැමති නෑ.
කුමාරි ප්‍රනාන්දු