දළුපතදි තරුණයෙකුගේ අතක් කපලා..දේශපාලන කොන්ත්‍රාත්තුවක්දැයි සැකයක්.

0
126

මීගමුවේ දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ජුඩ් නාමල් නැමැත්තෙකු කිසියම් පිරිසක් විසින් අද උදේ 10.00ට පමණ දළුපතදි තියුණු ආයුධයකින් කපා ඇතැයි වාර්ථා වේ. මෙසේ පහරකෑමට ලක්වු තැතැන්තාගේ එක් අතක් වෙන්වන තරමටම බරපතල තත්වයකින් මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කොළඹට මාරුකර යවා ඇතැයි මීගමු රෝහල් පොලිස් ආරංචි මාර්ග සනාථ කර සිටි.
මේ පහර දිම සිදුකර ඇති පුද්ගලයන් 6 දෙනෙකුගේ නම් මේ වනවිටත් පොලිසියට දන්වා ඇතැයිද තවදුරටත්  වාර්ථා වේ.
තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ පහරදිමෙන් පසු ඒ පිරිස ප්‍රදේශයේ දේශපාලනික බලවතෙකුගේ නිවසකට ගොස් ඇති  බවය.මෙම පහරදිම කප්පම් සිද්ධියකට සම්බන්ධයක් තිබිය හැකිය යන සැකයක් මතුව ඇති අතර පහර කෑ පුද්ගලයා මුදල් පොලියට දෙන්නෙකු බවද සැලය.මීට පෙර අවස්ථාවකදි මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරයකුව ද තියුණු ආයුධයකින් කපා තිබුණි.