දළුපත අනවසර ගොඩනැගිල්ල කඩිමුඩියේ ඉදිකරන්නේ ලංසා පවුලේ හයියෙන්ද ? ගම්වැසියෝ ප්‍රශ්ණ කරති !

0
47

 

IMG-20200116-WA0039
කඩිමුඩියේ ඉදිකරමින් ඇති අනවසර ගොඩනැගිල්ල

දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසු කල පසු හමුවන තුංමන්හන්දියේ ⁣ගලායන ඇලක් අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී.
මෙය සිදුවන්නේ අනවසරයෙනි.
මෙසේ අනවසරයෙන් කරන ගොඩකිරීම් සහ ඉදිකිරීම් නිසා මෙම පහත් බිම් ප්‍රදේශවල ජනතාව ඉමහත් පීඩාවට පත්වී සිටිති.මේ පිළිබදව ප්‍රදේශවාසින් විසින් අදාල අනවසර ඉදිකිරිමේ හිමිකරුට මේ අනවසර ඉදිකිරිම කරුණු කියා සි⁣ටිමේදි ඔහු පවසා ඇත්තේ ලංසලාගේ ඔහුගේ හිතවතුන් බවත් එය ඔහු බලාගන්නා බවත්ය.
එහෙත් ප්‍රදේශවාසින් මතුකරන්නේ දිගින් දිගටම මෙවැනි අනවසර ඉදිකිරිම් හේතුවෙන් වැසි ජලය බැස නොයන තත්වයක් තුල මහත් පීඩාවක් දැනටමත් සිදුව ඇත්ති බවය.
මෙකී තත්වය නිසා වර්ෂා දිනවල මෙම ප්‍රදේශවල ජනතාව ගංවතුර තර්ජනයට ලක්වෙති. ගංවතුර බැස ගිය පසුව ඩෙංගු තර්ජනයට ලක්වෙති . මෙය ඉහතකී අනවසර ⁣⁣
ගොඩකිරීම් සහ ඉදිකිරීම් වල ප්‍රතිඵලය . ඒ අනුව ඒවා ඩෙංගු වලටත් වඩා භයානක බව පැහැදිළිය.
නමුත් මේ ප්‍රශ්ණය විසඳිය යුතු අයම ප්‍රශ්ණය වර්ධනය කිරීම මෙහි පවතින විශේෂත්වයයි . මීගමුව නගරසභාවේ නගරාධිපති , නාගරික කොමසාරිස් , ඉංජිනේරු තැන , ආදී වශයෙන් සඳහන් වන කිසිදු වගකිවයුත්තෙකු නගරයේ පවතින මෙම ප්‍රධාන ප්‍රශ්ණය විසඳීමට මැදිහත් නොවන බව ඔවුන්ගේ කල්කිරියාවෙන්ම ඔප්පු කර ඇත . ඒනිසාම ජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් නැත .
තමන්ගේ හිතවතුන්ට පමණක් සළකා කටයුතු කරන ඉතිහාසයකට මේ සියළු වගකිවයුතු අය අයිති බව කව්රුත් දනිති .
කෙසේ වෙතත් පසුගිය කාලය තුල මේ අනවසර ඉදිකිරිම ගැන ගම්වාසින් විසින් ප්‍රදේශය භාර තාක්ෂණ නිළධාරිණි දිනිති මහත්මියට කරුණු කිමෙන් පසු ඇය පැමිණ මෙම ඉදිකිරිම් මුළු මනින්ම අනවනර එකක් බව කියමින් එය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පියවර ගන්නා ලදි.
එහෙත් දැන් යළිත් එය ජයටම පටන් ගෙනය.
මේ දිනවල සේවකයන් 20 ක් පමණ් මේ අනවසර ඉදිකිරිමට එක්ව සිටින බව ගම්වාසිහු පවසා සිටිති.
මේ සදහා සිය විරෝධය හැකි ඉක්මනින්ම පළකිරිමට කඩමින් කටයුතු කරන බවද අප කළ විමසුමකදි කියා සිටියේය.
මෙවන් අනවසර ඉදිකිරිම් යනු නගරාධිපති ඇතුළු නිලධාරින් පිරිසට සුපිරි අදායම් සපයන වැඩපිළිවෙලකි.
ඒ සදහාම ඒ තැන්වලට යෑමට නිළධාරින් කිපදෙනෙකුද සිටි.
දැන් වැඩේ පැහැදිලිය.
අරුමය වන්නේ මිගමුවේ ජවිපෙ මන්ත්‍රිලා මෙන්ම බහුතරයක් එජාප මන්ත්‍රි මණ්ඩලයද නිහඩව සිටිමය.
විශාල මුදලක් දැනටමත් යටකරමින් කර ඇති මේ ඉදිකිරිම සදහා අනිවාර්යෙන්ම නගරාධිපති ඇතුලු නඩයේ ආවරණයක්  තිබිය යුතුමය . මෙහි අයිතිකරු ඒ තරම්ම විශ්වාසයකින් මේ අනවසර ඉදිකිරිම කිසිදු බියකින් තොරව ඉදිකරන්නේ ඒනිසා විය යුතුය.