දළුපත දී නවතා තිබූ කන්ටේනරයක, යතුරුපැදිය ගැටී තරුණයෙකු මිය යයි

0
103

 

WhatsApp Image 2025 01 26 at 14.28.47 1de73fef

ඊයේ දින එනම් 01/23 වැනි බ්‍රහස්පතින්දා දින උදෑසන 4.30 ට පමන මීගමුව, දළුපත ප්‍රදේශයේදී නවතා තබා තිබූ කන්ටේනර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබේ.. එම අනතුරින් යතුරුපැදිය පදවමින් පැමිණි තරුණයා මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, කොච්චිකඩේ, පලඟතුරේ පදිංචි පද්මනාද විරාජ් දේවත නමැති 27 හැවිරිදි තරුණයෙකි.
එලෙසම යතුරුපැදියේ පිටුපස අසුනේ පැමිණි 34 වැනි වියේ පසුවන දිනේෂ් ජේසුදාසන් නැමැති තරුණයා බරපතල තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙම අනතුර සම්බන්ධයෙන් මේ වන විට කොන්ටේනර් රථයේ රියදුරු වන බිබිල, රන්මිණිගම පදිංචි ඒ.ධම්මික නිරෝෂන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කන්ටේනර් රථ රියදුරාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here