දළුපත ප්‍රදේශයේ බදු මුදල් එකතු කරන නිලධාරියා වංචාවක

0
38

මිගමුව නගර සභාව  විසින්   නගරයේ බදු එකතු කිරිම සඳහා පත්කර ඇති නිළධාරීන් අතරෙන් දළුපත ප්‍රදේශයට පත්කර ඇති නිලධාරියෙකු පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාවගෙන් චෝදනාවක් එල්ල වී ඇත.  මෙම නිලධාරියා  වන එක් චෝදනාවක් වන්නේ  එම ප්‍රදේශයේ නිවෙස් වල පදිංචිකරුවන්ට මෙන්ම කාන්තාවන්ටද බදු මුදල් එකතු කිරීමේදී    තර්ජනය කරන බවයි.
අනික් චෝදනාව වන්නේ  එකතු කළ බදු මුදල් නිවරදි ආකාරයට නගර සභාවේ  කොච්චිකඩේ ශාඛාව වෙත මුදල්  පියවා නැති බවද අදාල ප්‍රදේශයේ නිවැසියෝ පවසති.. අද පෙරවරුවේ දලුපත ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්  2014 වසරට නියමිත  බදු මුදල් ගෙවීම සඳහා ගිය අවස්ථාවේදී ඔහු විසින් ගෙවිය යුතු නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු බව දැනගත් පසු මේ පිළිබඳව ඔහු අදාල නිලධාරීන්ගෙන් විමසා තිෙබ්.
එම අවස්ථාවේදී දැනගන්නට  ලැබී ඇත්තේ ගිය වසරේ ජුනි මාසයේදී එම නිලධාරියාට ගෙවන ලද මුදල අදාළ ලේඛනවල  සටහන් වී නොමැති  බවයි.  එම හිග මුදල නොපියවී එයට පොලිය ද එකතු වී මෙම වසරේ දී ඔහු ගෙවිය යුතු මුදල තුන් ගුණයක් පමණ වී ඇත. ඒ නිසා ඒ අනුුව මෙම නිවැසියා  තීරණය කර ඇත්තේ ඔහු විසින් මුදල් වංචා කර ඇති බවයි.  පසුව එම නිලධාරීන් මැදිහත් වී මෙම මුදල අඩුකර සහනයක් සලසා දී ඇත.
කෙසේ නමුත් මෙවැනි ආකාරයේ චෝදනා කීපයක් එම ප්‍රදේශවාසීන් සිදුකර ඇති   බව ද  අපට වාර්තා වේ.

images