වලේ වැටීම මොලේට ලාබයක් යැයි කීවේ මෙවැනි වලවල් සම්බන්ධව නොවේ. එසේ කීවේ තමන්ට පාඩමක් කියා දෙන අමාරුවේ වැටුනු අවස්ථා පිළිබඳවය. අපි එවැනි අවස්ථා පැමිණියද පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නේ නැත . විශේෂයෙන් අපි පාලකයින්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් ඡන්ද වකවානු තුළ ඉදිරිපත් කරන පොරොන්දු නිසි ලෙස ඉටුකරාවියැයි කියාය . ඔවුන් පොරෙන්දුවූ ආකාරයට කටයුතු කළේ නම් මෙකී පාරවල් වල මෙවැනි වලවල් තිබිය නොහැක . මේ අනුව අපි හැමවිටම වලේ වැටෙති. නමුත් මොලේ පෑදෙන පාටක් නැත . මෙවර අප පත්කර ඇති නගරයේ පාලකයා පාරේ වලවල් මගහැර වෙට්ටු දමා වෙන ගමන් යති. තමන්ට ගැතිවී සිටින අනෙකුත් මන්ත්‍රී වරු , පාක්ෂිකයින්ට වරදාන , වරප්‍රසාද ලබාදීමට කටයුතු කරති. ඒ සඳහා වියදම් කිරීමට ඕනෑ තරම් සල්ලි ඔවුන්ට ඇත . නමුත් , නගරයේ පාරවල්වල දිනෙන් දින හෑරෙන වලවල් නිසා ගමන් කරන මගීන් අපහසුතාවට පත්වේ. ඒ සඳහා ඔවුන්ට ප්‍රතිපාදන නැත .
මෙම වලක් මගහැර යන අවස්ථාවක වාහන පෙරලෙන අයුරු අනතුරු වලට මුහුණ දෙන අයුරු , අප දැක ඇත්තෙමු , අසා ඇත්තෙමු . නමුත් පාලකයින්ට මේවා ගැන කිසිදු හැඟීමක් නැත . ඒ නිසා ජනතාව මේ ගැන අවධියෙන් ක්‍රියාත්මක විය යුතුය .