දළුපත පුවක්වත්ත ප්‍රදේශයෙනුත්  දෙපාඇල අවහිර කරයි ?

0
55

3පුවක්වත්ත ප්‍රදේශයෙන් ගලායන දෙපාඇල තවත් පටුකරමින් එහිඑක්පැත්තක අඩි 4ක ගල් බැම්මක් බැදීමට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රදේශවාසීන් 2017 ‍දෙසැම්බර් 31 දා- අපට දැනුම්දීමක් කර තිබුණි .
මෙහිදි අදහස් දැක්වු ප්‍රදේශවාසියෙකු කියා සිටිෙය්

…..’ඇලේ එකපැත්තක පවුල් 5ක් ඉන්නවා අනෙක් පැත්තෙ පවුල් 25 ක් ඉන්නවා. අපිහැමෝම වැස්ස දවස්වලදි වතුරෙන් යටවෙනවා. දැන් පවුල් 5 ඉන්න පැත්තෙන් තමයි ගල්බැම්ම දාන්නේ. අපි  කැමතියි ඇල හදනවට. නමුත් පටුකරනවට අපි කැමති නෑ. දින දෙකකට ඉස්සෙල්ල ඇල අයිනෙන් පස්හාරල ගොඩට දැම්මා. අපි හිතුවෙ ඇල සුද්ධ කරනව කියලයි. ඊට පස්සෙ ගල්ගොඩක් බෑවා. මීලගට යකඩ දැල් වගයක් ගෙනත් දැම්මා. ඇල අයින ගොඩකර බැම්මක් බදින්න යනබව දැනගත්තෙ ඊට පස්සෙයි.”
මේ ගැන මීගමුව නගරසභාව සහ එහි නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඉන්ජිනේරු මහතාගෙන් විමසු විට ඹහු  ප්‍රකාශ කර ඇත්තේ කළින් පැමිණිල්ලක් දැමිය යුතුව තිබුනු බවත්, එමෙන්ම දැන් මෙය නතර කළ නොහැකි බවත්ය.
ප්‍රදේශවාසීන්  පවසන්නේ නිවාඩු දින කිහිපය යොදාගෙන  ඉතා සූක්ෂමලෙස  මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරිමට ඹවුන් උත්සාහ කලබවයි.
– ජනතාවට නොදන්වා සිදුකළ මෙම ක්‍රියාව . වැරදි සහගත ක්‍රියාවක් වනබව ජනතාවගේ අදහසයි.