දළුපත මාරාන්තික කහඉර තවත් බිල්ලක් ගනී. !

0
284

kavingaමීගමුව , දළුපත, පිල්ලෑව පාරේ රිය අනතුරකට මුහුණ දුන් කාෂ්‍යප කාවිංග බෙන්තොටගේ තරුණ මහතා ඊයේ (19) දහවල් මියගොස් තිබින . මේවනවිට මෙම මරණය පසුබිමේ දළුපත ප්‍රදේශවාසීන් කම්පාවට පත්වී සිටින අතර මෙම ස්ථානය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරයි. කාෂ්‍යප අනතුරට පත්වීම නිසා මියගියේ කන්ටේනරයක ගැටීමෙන්ය. පසුගිය දිනෙක දළුපත තවත් තරුණියක් එසේ කන්ටේනරයක ගැටීමෙන් මියගියේ ඇය හඳුනා ගත නොහැකි අන්දමින් බරපතල තුවාලද සිදුකරමින්ය. වසර කිහිපයකට පෙර ඇගේ මස්සිනා මියගියේද මෙම කහඉර අසලදීය. පසුගිය වසරේ රේනුකා නම්වූ තවත් දළුපත කාන්තාවක් මියගියේ මෙකී කහඉර මතය.
අපදන්නා පරිදි එම මියගිය සංඛ්‍යාව 6 ක්.බව සඳහන් කර මෙම තරුණයා අනතුරට ලක්වූ දින අප ලිපියක් පළ කළෙමු .
කාෂ්‍යප මෙම රිය අනතුරට මුහුණ දුන් අවස්ථාවේ ලඟ සිටි සහෝදරයෙකු අප සමඟ කළේ මෙවැනි කතාවකි.
” අනතුර සිද්ධ වුනේ 3 දා. මේ අයිය මාත් එක්ක ගියේ. පාර පනිනකොට තමයි මේ අනතුර සිද්ධ වුනේ. මේ කහඉරේ මෙතනදිම 10 ක් විතර අනතුරට ලක්වෙල තියෙනව . මෙතන සෙනඟ ගොඩක් ගැවසෙන ස්ථානයක් . මෙතන පාරේ වේග සීමාවක් පනවල මොකක් හරි ජනයාට මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවන්නට ක්‍රියාමාර්ගයක් ගන්න වෙනව.”කාෂ්‍යපගේ තවත් ඥාාතියෙකු වන ශාන්ත මහතා ප්‍රකාශකළේද මෙම මාරාන්තික ස්ථානය ගැන වගකිවයුත්තන් අවධානය දී මෙහි සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා යම් පියවරක් ගතයුතු බවයි .
ඥාාසේම මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී සුපර්සෝනික් පදනමේ සභාපති අනුර මහතාගේ මැදිහත් වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ දුරකතනය මගින් මේ පිළිබඳව සාකච්ඡා කොට ලිපියක්ද ඉදිරිපත් කරන ලදී .
මෙම සියළු කරුණු සළකා බලා ඉදිරියට මෙවැනි අනතුරු සිදුනොවන ලෙස වගකිවයුතු බලධාරීන් විසින් යම් පියවරක් ගනු අැතැයි අප විශ්වාස කරමු.