දළුපත මාරාන්තික පදික මාරුවේ ආරක්ෂිත කටයුතු සඳහා වැඩ අරඹයි !

0
328

IMG-20200127-WA0014IMG-20200127-WA0012

මීගමුව ,දළුපත දේවස්ථානය අසල කහඉ⁣රෙන් මාරුවන තැන පිළිබඳව සුපර්සෝනික් පදනම සහ දළුපත ප්‍රජාපොලිස් ඒකකය (විශේෂයෙන් දළුපත දේවස්ථානයේ පියතුමා) මැදිහත්වී මාර්ග සංවර්ධන අධිකාරිය සහ මීගමුව පොලීසිය ලිපි මගින් සහ හමුවී සාකච්ඡා කරමින් කරන ලද දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අද දළුපත එම අවධානම් ස්ථානයට පැමිණ එහි වැඩ ආරම්භ කරන ලදී .
මේ අනුව වේග පාලනයට අදාලව කාටත් ඇස ගැටෙනසේ කනු සහ පුවරු සවිකිරීම සිදුවේ. සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණය මත සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරි මහතා පැවසීය .
අප මේ පිළිබඳව ප්‍රදේශවාසීන් සමඟද මාර්ග සංවර්ධන අධිකාරිය සමඟද මෙහි තත්වය ගැන සාකච්ඡා කර තිබින . මරණ සහ තුවාල සිදුවීම් විශාල ප්‍රමාණයකින් පසුව හෝ මෙම ස්ථානය වගකිවයුත්තන්ගේ අවධානයට යොමුවීම සතුටට කරුණකි . මේ ගැන කැපකිරීමක් කළ සියළු දෙනාටම අපගේ ස්තුතිය පුදකර සිටිමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here