දළුපත සිරකදවුර පාරේ නිවසක් මංකොල්ල කයි

0
61

24 වනදා  රාත්‍රී 8-9ත් අතර මෙම මංකොල්ලකෑම සිදුවී ඇති අතර එය සිදුකර ඇත්තේ දළුපත සිරකදවුර පාරේ ,05 වන පටුමගේ නිවසකදීය.
එම අවස්ථාවේදී ගෙදර සාමාජිකයින් කිසිවෙකුත් නොසිට ඇති අතර  නිවැසියන් නිවසට එනවාත් සමග  යම් පුද්ගලයෙකු පිටුපස තාප්පයෙන් පැන යනු ඔවුන් දැක ඇත. නිවසට ගොස් බලන විට අල්මාරියේ ලාච්චුවක් සාලය මැද තිබී ඇති අතර එහි තිබූ  ලක්ෂ 3කට ආසන්න රත්රන් බඩු සහ මුදල් ද සොරාගෙන ඇති බව දැනගෙන ඇත. එම අවස්ථාවේම ඔවුන් මීගමුව පොලීසියටද මේ බව දැනුම් දි ඇත. පසුගිය කාලයේ මෙම ප්‍රදේශයේ මෙවැනි මංකොල්ලකෑම් කීපයක් සිදුවුණත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන හෝ  සොරාගත් දේ සොයාගෙන හෝ නැති බවට ප්‍රෙද්ශවාසීන් පවසති. පසුගිය කාලයේ මීගමුව නගර මධ්‍යෙය්ද  යතුරැ පැදි වලින් පැමිණ රන් මාල  කඩාගෙන යාම් කීපයක් ද වාර්තා වුණි. මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට ප්‍රෙද්ශයේ ආරක්ෂක අංශ වලට තවමත් නොහැකි වී තිබීම ගැන ප්‍රෙද්ශවාසීන් සිය අප්‍රසාදය පළකර සිටිති.