ද්‍රවිඩ කතුන් බියගන්වා මංකොල්ල කන කල්ලියක් ?

0
155

largeසැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත දී මීගමුව නගරය තුළදී කාන්තාවන් බිය වද්දවා සිදුකළ මංකොල්ලකෑම් කීපයක් පිළිබඳව අද අපට වාර්තා විය. මේ සියල්ලට මුහුණ දී ඇත්තේ ද්‍රවිඩ කාන්තාවන් වන අතර ඔවුන් තමන්ට මුහුණ දෙන්නට සිදුවූ අනපේක්ෂිත සිදුවීම් හා අලාභයන් පිළිබඳව මීගමුව පොලීසියේ පැමිණිලි සටහන් කොට තිබේ.
දැනට සති දෙකකට ඉහතදී මීගමුව ඩීන් හන්දියත් පාංකඩ හන්දියත් අතරදී එක් මවක් සහ දියණියක් යමක් මිළදී ගැනීමට වෙළදසැලක් වෙත ගමන් කර නැවත පැමිණෙමින් සිට ඇත. ඒ අතර මැද නවතා තිබූ ත්‍රීවිලරයකින් බැසගත් පුද්ගලයෙකු මෙම කාන්තාවන්ට පවසා ඇත්තේ අපි සී.අයිඩී එකෙන් , අපිට ඔයාලව එල්.ටී.ටී ඊ කියලා සැකපිට ප්‍රශ්න කරන්නට අවශ්‍යයි , නගින්ඩ ත්‍රීවිලයට කියායි. එවිට එම මවට සැක සිතී නැවතත් ප්‍රශ්න කරන විට ත්‍රීවලයේ ඇතුලේ සිටි කාන්තාව කතාකොට ‘ නගින්ඩ නගින්ඩ මාවත් එහෙම තමයි මේ ගෙනියන්නේ ‘ කියා පවසා ඇත. පසුව බියටම මෙම මව සහ දියණිය ත්‍රීවිලයට ගොඩවී ඇති අතර නැවතත් මගදී සැක සිතී එම මාතාව කෑ ගසා ඇත. කෙසේ හෝ ඔවුන්ව බිය ගන්වා ඔවුන්ගේ ගෙලේ තිබූ රත්තරන් මාල ගලවාගෙන ඇත. කලබල කළ නිසා රථය මොවුන් දමා පළාගොස් ඇති අතර මොවුන් මේ පිළිබඳව මීගමුව පොලීසිටය පැමිණිල්ලක් ද දමා තිබේ.
මෙම කාලයටම අසන්යේදී හවස් කාලයේදී වැල්ලවීදියේ සිට සාන්ත සෙබස්තියන් පාරේ ඇති පාලම පහුකරමින් පැමිණෙමින් සිටි කාන්තාවක් තවත් එවැනිම සිදුවීමකට මුහුණ දී තිබේ.
ඇය පාලම බසිමින් පැමිණෙන විට පාලමට පහළින් ත්‍රීෙරා්ද රථයක් නවත්වාගෙන සිට ඇති අතර එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇත. එක් පුද්ලයෙකු පවසා ඇත්තේ හැඳුනුම්පත්  පරීක්ෂා කිරීමට අවැසි බවයි. නමුත් තමන් ලඟ හැඳුනුම්පත් නැහැ කියනවාත් සමඟම ඇයව ත්‍රීවිලය ඇතුලට බලෙන් දමාගෙන ඇත.
පසුව එම ප්‍රෙද්ශයේම වටයක් කරකවා වැල්ලවිදිය පල්ලිය අසලට ගෙනවිත් ඇයවත් අතහැර ගෙලේ තිබූ රන් මාලය උදුරාගෙන පලාගොස් ඇත. මෙම මාලය පවුම් එකහමාරක් පමණ වටිනාකමින් යුත් මාලයකි.
තුන්වෙනි සිදුවීම වාර්තා වන්නේ වැල්ලවීදියේ ප්‍රෙදේශයෙනි.
මෙම කාන්තාව සිය දරුවන් දෙදෛනාව පාසල් නිමවී නිවසට රැනෙ එමින් සිට ඇත.  පිටුපසින් පැමිණි යතුරු පැදියක් දරුවෙකුද හප්පා පෙරලා ඇත. ඒ සමගම එක් දරුවෙකු පැහැර ගැනීමට සැරසෙනවා සේ රගපාමින් අර කාන්තාවගේ ගෙලේ තිබූ රන් මාලය සහ අතේ තිබූ දුරකථනයත්, පසුම්බියත් උදුරා ගෙන පළාගොස් තිබේ. මෙම යතුරුපැදියේ පැමිණි පුද්ගලයා මුහුණ සම්පූරණයෙන්ම ආවරණය කරගෙන කලු ජැකට් හැද සිට ඇත.  රෝදයේ හැප්පුන දරුවාගේ පාදයකට තුවාල සිදුවී තිබේ.
මේ සිදුවීම් තුනම මීගමුව පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ වනතෙක්  සොරුන් ගැන හෝඩුවාවක් හෝ  නැතිවූ කිසිවක් සම්බ වීනොමැත. එමෙන්ම එම සිදුවීම් වලින් පසු එම ප්‍රෙද්ශයේ කාන්තාවන් දැන් තනිව හෝ පයින් ගමන් බිමන් යාමටද බියක් දක්වන බවද වාර්තා වූ අතර මේ අකාරයට ත්‍රීවිල් වලින් පැමිණ අපි ආරක්ෂක අංශ වලින් යැයි පවසා සිටීමින් දමිළ කාන්තාවන් මංකොල්ල කෑම තවත් ප්‍රවනතාවකි. මෙම තත්ත්වය නගරයේ අනාරක්ෂාව පිළිබඳව කියවෙන තවත් හරස්කඩකි. වාර්තා නොවූ මෙවැනි සිදුවීම් තවත් තිබිය හැකිය.
මේවාට  වගකියන්නේ කවුද යන ප්‍රශ්නය පමණක් සියල්ලන්ටම අසන්නට ඉතිරිව ඇති  ප්‍රශ්නයකි. නගරයේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව පවතින්නේ කාගේ අතේ ද?