දායන් ලංසාගෙන් මීපුරට අනතුරු ඇගවීමක් ? !

0
54

Dayan-lansaමීපුර වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන්නට යෙදුන මීගමුව මහනගර සභාවේ ලේකම්වරියට බැනවැදිම ගැන පුවත වෙබ් අඩවියේ පළකොට සුලු වේලාවකට පසු   මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා අප අමතා කථා කරමින් අනතුරු ඇගවිමක් කලේය.
අපි ගැන වැරදි ඒවා දාන්න එපා .හරි ඒවා දැම්මොත් තමයි හොද .ඔයාලට මාර ප්‍රශ්ණයක් නේ තියෙන්නේ  අපි අයියා මාතර ගියාම එකත් ඔයාලට ප්‍රශ්ණයක් .මම කොහෙ හරි ගියාමත් ප්‍රශ්ණයක් ඔයාල මාවයි අයියවයි විකුණගෙනද ජිවත් වෙන්නේ ….
හරි ඔයාලට දෙයියන්ගෙන් දඩුවම් හම්බ වෙයි දෙයියො පඩිසම් දෙයි  යැයි තර්ජනාත්මක ලෙසින් කියමින් දුරකථනය විසන්ධි කලේය.
ඔහු කියන්න යන්නේ කුමක්දැයි විමසිම සදහා අප යළිත් ඔහු අමතා සිටියද දුරකථනයට පිළිතුරු දුන්නේද නැත.