දායන් ලංසා අත්අඩංගුවට ගන්නැයි වෙබ් මාධ්‍යවේදිහු අද කොළඹදි ඉල්ලති

0
50

1වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ මහතාට ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මැරයන් දෙදෙනෙකු විසින් පහරදිම සදහා වගකිව යුත්තේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා බව අද කොළඹට රැස්වු වෙබ් මාධ්‍යවේදිහු කියා සිටිති.
ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු ඇති තරම් තිබියදි අත්අඩංගුට නොගන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ  කර සිටියේය.
ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ මීගමුවේ වංචා දුෂණ හෙළිදරව් කිරිම නවතාලන ලෙස අනතුරු අගවමින් මීපුර වෙබ් අඩවියට පහර එල්ල කළද හෙට පටන් දැනට ලංකාව තුල ක්‍රියාත්මක ප්‍රවෘත්ති වෙබ් අඩවි සියල්ලක්ම එක්ව මීගමුවේ දුෂිතයන් හෙළිදරව් කිරිමට පියවර ගන්නා බවය . ඡායා- අජිත් සෙනවිරත්න