දැඩි සංචරණ සීමා පනවන ලෙස වෛද්‍ය සංගම් 4 ක් ජනපතිට කියයි !

0
64

කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ වන විටත් ආසාදිතයින්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේදී සහ ඉන් පසු මරණ සංඛ්‍යාවේ ඉහළයාම් සිදුවිය හැකි බව එම සංගම් සිය ලිපියේ සඳහන් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය සිය පුවතක වාර්තා කොට තිබේ

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව වෙනුවෙන් මහාචාර්ය තමසි මකුළොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත
මේ අතර හිටපු ඇමති මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුනේ කොරොනා වෛරසයේ පැතිරිම ඉක්මනින් පාලනය කරනොගතහොත් සැප්තැම්බර් මාසය වන විට මරණ ගණන 20000 ක් ඉක්මවා යා හැකි බවය.