දැඩි සත්කාර ඒකක පහසුකම් නැතිකමින් මිගමු රෝහලේදි පුද්ගලයෙකු අවසනාවත්ත ලෙස මිය යයි ?

0
87

negombo hosහුස්ම ගැනිමේ අපහසුව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මිගමුව රෝහලට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණ තිබුණ වයස අවුරුදු 62 අයෙකුගේ රෝගි තත්වය උත්සන්න විමතුල දැඩිසත්කාර ඒකකයට ඇතුළු කිරිමේ අවශ්‍යතාවක් තිබුණද ඔහුට වැළදි තිබුනේ කොරෝනාදැයි සැකසහිත වු බැගින් දැනට රෝගින් සිටින දැඩිසත්කාර ඒකකයට අදාල රෝගියාව යොමුකිරිම අපහසුවි තිබුණි.
මේ තත්වය තුල ඔහුට අවසානාවත්ත ලෙසින් ජිවිතයෙන් සමුගැනිමට සිදුව තිබේ.
පසුගිය කාලය තුල ඩයලෝග් ආයතනයේ අනුග්‍රහයෙන් ඇදන් 10 කින් සමන්විත දැඩිසත්කාර ඒකකයක් ලබා දි තිබුණද මතුව ඇති ඇතැම් තාක්ෂණික ගැටළු හේතුවෙන් එහි ඇදන් 5 ක් පමණක්  ප්‍රතිකාර සදහා යොදාගැනිමේ පසුබිමක් දැන් නිර්මාණය වි තිබේ.
මෙයට අමතරය ඩෙංගු දැඩිසත්කාර ඒකකයක් තිබුණද එයද තනි පාලනයකට නතුව තිබෙන බැව් පසුගිය කාලය තුල පුලුල් කථාබහකටද  ලක්ව තිබුණි.
මේ යථාර්ථය තුල කොරෝනා රෝග ලක්ෂණ සහිතව පැමිණෙන රෝගියෙකුගේ ජිවිතය අවධානම් තත්වයකට පත්වුවහෝත් ඒ රෝගියාෙග් ජිවිතය බේරාගැනිමට  දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබාදිමට තවමත් වැඩ පිළිවෙලක් නොමැති විම සැබැවින්ම බරපතල තත්වයකි.
මේ ගැන සෞඛ්‍ය බලධාරින් වහා මැදිහත්වි පියවර ගත යුතුව තිබේ.