”දැන්වත් වරද පිළිගෙන නිවැරදි වෙන්න. නැත්නම් රටම ඉවරයි” -සෞඛ්‍ය බලධාරීන්ට ආණ්ඩුවේ ඇතුළෙන්ම චෝදනා !

0
301
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 9.30 pm ) කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩි කිරීම මඟින් සමාජයේ රෝගය පතුරුවන පිරිස් කලින් හඳුනා ගැනීමේ උපාය මාර්ගයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට ‘ජාතික සංවිධාන’ විසින් ප්‍රභල

ඉල්ලීමක් කරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබීම ගැන ආණ්ඩුවට පක්ෂපාතී පෞද්ගලික මාධ්‍ය ආයතන ද සෞඛ්‍ය බලධාරීන්ට චොදනා කරමින් සිටිති.

මේ පිළිබඳව lankaleadnews.com වෙත ප්‍රකාශයක් ලබාදී ඇති ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසයි.

Screen Shot 2020 04 27 at 10.50.50 AM

” දැන් මාසයක් තිස්සේ පරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රම වේද ගැන කථා කරනවා. PCR යන්ත්‍ර සියල්ල ඒ සඳහා යොදා ගැනීම මුල් කරගෙන පත් කරපු සම්බන්ධීකාරකයා මොනවා කරනවාද දන්නේ නැහැ. තවත් පුද්ගලික අංශයේ පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ PCR  පරීක්ෂණ වලට යොදා ගැනීමේ තීන්දුව ක්‍රියාත්මක වන්නේ නැහැ.

වසංගත පාලන ක්‍රියාවලියට විශේෂයෙන්ම ස්පර්ශකයින් සොයා ගැනීම සහ නිරෝධායන ක්‍රියාවලියට යොදා ගන්නා පිරිස් මෙන්ම අනතුරට මුහුණ දෙන සෞඛ්‍ය සේවකයින් නිරන්තරව පරික්ෂාවට ලක් කළ යුතු වුවත් ඒක හරියට කෙරුණේ නැහැ. එහෙම කළා නම් නාවික හමුදා නිලධාරියා එළියේ රෝගය පතුරු වන්න කලින් හඳුනා ගන්නවා. නිරෝධායනයට ලක්වන පිරිස් පරීක්ෂණ කිරීම පවා පටන්ගත්තේ බෙහෝ පමා වෙලා. “

‘අපි සති තුනක් පිටි පස්සෙන් ඉන්නේ’ -වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Hariyha text27කොරෝනා වසංගත පාලනයේදී PCR පරීක්ෂණ උපරිම ලෙස වැඩිකරන්නයි දිගින් දිගටම ආණ්ඩුවේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, ඒ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාද වන හැම දවසක් පාසා ම මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය නැවත ආරම්භ කරන ක්‍රියාවලියත් ප්‍රමාද වන බවයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එම කාරණය අවධාරණය කර ඇත්තේ, ‘රාවය’ පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කර ඇත.

”මේ පරීක්ෂණ වැඩි කරන්න ඕනෑ කියලා අපි ජනාධිපතිතුමාට සහ රටට ඉදිරිපත් කළේ මාර්තු 31 වැනි දා යි. ඒ වෙලාවේ ගොඩක් අය එය අවඥාවට ලක් කළා. ඒ වැඩපිළිවෙළට යන්න ඕනෑ කියන දේ අද ඒ සියලුදෙනා පිළිගන්නවා.”

”මේ පරීක්ෂණ වැඩි කරන්න ඕනෑ කියලා අපි ජනාධිපතිතුමාට සහ රටට ඉදිරිපත් කළේ මාර්තු 31 වැනි දා යි. ඒ වෙලාවේ ගොඩක් අය එය අවඥාවට ලක් කළා. ඒ වැඩපිළිවෙළට යන්න ඕනෑ කියන දේ අද ඒ සියලුදෙනා පිළිගන්නවා.

නමුත් පරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රියාවලිය මාර්තු 31 කිවුවත් ඒක හරියට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ අප්‍රේල් 19 යි. රටක් විධියට අපි සති තුනක් පිටි පස්සෙන් ඉන්නේ. අඩුම ගාණේ අදවත් ඒක හරියට කරන්න ඕනෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාම කිවුවත් දවසකට පරීක්ෂණ 1500ක් කරන්න පුළුවන් කියලා ඒ සංඛ්‍යාව වෙන්නේ නැහැ.

ඒක කරන්න බැරි බාධා අඩුපාඩු තියනවා නම් ඒක ජනාධිපතිතුමාට රටට කියලා ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඕනෑ. මේ පරක්කු වන හැම දවසක් පාසා ම මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය නැවත ආරම්භ කරන ක්‍රියාවලියත් පරක්කු වෙනවා. ඒ නිසා පරීක්ෂණ වැඩි කිරීම ප්‍රධානම දේ යි..”
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here