”දැන් අපි ආදරේ පිරුණු ලස්සන සුන්දර ලෝකෙක ජීවත්වෙනවා”

0
981

පසුගියදා  Care For The Voiceless සමූහය මෙහෙය වන මාලිකා රණසිංහ මහත්මියගේ මැදිහත්වීමෙන් කිතුල්ගල ග්‍රාමයේ නිවසක ඉතා කුරිරු ලෙස සිරගත කරගෙන සිටි බව් අම්මා කෙනෙකුයි ඇගේ දියණියවයි  නිදහස් කරගෙන ප්‍රතිකාර ලබාදී   මීගමුවේ නිවසක කාන්තාවට බාරදි තිබෙනවා. මේ ඔවුන්ගේ කතාවයි.419938653 6329465893823640 56389992076387351 n419978263 6329466043823625 6324338884219091583 n

ආදරණීය නැන්දලා මාමලා වෙතයි..
නැන්දේ , මාමේ
මං මෙලෝ ලස්සනක් නැති අම්මක්ගෙ බඩේ උපන් ඔයාලගෙ භාෂාවෙන් කියනවනම් ” වල් බල්ලෙක් “….මං ඉපදුණේ හද්ද පිටිසර කිතුල්ගල ගම්මානෙ ළඳු කැලෑවක.
මං ඉපදී ටික කලකදි රැකවරණයක් ලැබුණත් , ආදරෙ සෙනෙහස , කරුණාව නොමැති නිවසක ඉඳුල් කාපු හිරකාරියක් වුණා.. හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක හිරකාරියක් වුණ මං දුකසේ ලොකු මහත් වුණා.
කාලය ගෙවී ගිහින් ගත හිත පරිණත වෙද්දි තරුණ බලු නාම්බෙකුගෙ ග්රහණයට හසුවී ගැබ්බර වූ මට දරු පැටව් 4ක් ලැබුණා….419960410 6329465280490368 2137993404071797118 n
කෙසඟ දුර්වල සිරුරක් හිමි මගෙ බඩින් වැදූ දරුවන් 4න් තුනක්ම මෙලොව හැරගියායින් පසු ඉතිරී වූ දූ සිඟිත්ත සමඟින් සුපුරුදු හාම්පුතාගෙ අඳුරු කුටියෙ ලොකුමහත් වුණේ උදේ හවා අතට ගන්නා කෝටුවට භියෙන් …
පුංචි දූ සිඟිත්ත සමඟ අඳුරුකුටියක අඳෝනා කියූ මගේ දුක ඇහුණෙ අල්ලපු ගෙදර නැන්දාට .. ඒ Dilani Sandarekha නැන්දා…
ඇයට මගෙ දුක ඇහුණ , දැනුණා..
ඇය මගෙත් පුංචි දූගෙත් ජීවිතේ ගැලවුම්කාරිය වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ….
ඇය මගෙ දුක ආදරණීය නැන්දලා මාමලා පිරුණු සමාජෙකට ගෙනගොස් තිබුණා….
ඒ අතරින් මාවත් මගෙ දූ සිඟිත්තටත් ආදරේ පිරුණු නිදහස් ජීවිතයක් දීම වෙනුවෙන් ඉශ්රායලයෙ රැකියාව කරන Malka නැන්දා අකුරු මෙහෙයුමක් කර අපිව බේරාගත්තා.
ඇය ඇඟිලිතුඩු පුපුරු ගහන තුරු ලියූ අකුරු වල ප්රතිඵලය නෙතගැටී හදවත රිදුම්කෑවෙ මීගමුවෙ Chamila Weckasinghe නැන්දාගෙ..ඇය , මාවත් පුංචි දූත් ඉක්මණින් ඒ හිරකුටියෙන් බේරාගන්නට මල්කා නැන්දට ඇවිටිලි කළාලු…..
ඔව් , ඒ ආදරණීය නැන්දලාගෙ තීරණය මගෙත් මගෙ පුංචි සිඟිත්තිගෙත් ජීවිතයට ආලෝකයක් වු අමතක නොවෙන දිනය වුණේ ඊයෙ….
නිලමැස්සන් පිරුන පිළුණු කෑම ගඳ සමඟින් අපායක් වන් සිර කූඩුවෙන් ඊයෙ උදෑසන එළියට එන්න අපිට වාසනාව ලැබුණා… ඒ කොහේදෝ සිට පැමිණි සුරදූතියක් නිසා..
ඒ සුරදූතිය Sanjana Matheesha නැන්දා..
ඇය මගේ කෝටු කිතයි දූ සිඟිත්ත ආදරෙන් වඩාගෙන සිනිඳු රෙද්දක ඔතාගන ආදරණීය වදනින් අමතද්දි මේ ලෝකෙ “ආදරය ” යන ලස්සන හැඟීම වින්දා ..
මාවත් දූ සිඟිත්තත් අරන් පැය ගාණක දුෂ්කර ගමනෙදි ” යෝගට් ” කියන රස කෑම ජීවිතෙ පළමු වතාවට රස වින්දා ..
ගැස්සෙන පැද්දෙන රෝද තුනෙන් ඉගිලෙන කුරුල්ලා නොනවත්වා එද්දි බඩේ කටේ කෑම සියල්ල Sanjana නැන්දගෙ ඇඟේම හැලුනෙ කවදාවත් විඳ නොතිබි අත්දැකීමක් විඳගන්න අමාරු නිසා වෙන්න ඇති…
කොහොමෙන් හෝ
පැය ගාණක ගමන් වෙහෙසත් සමඟ Sanjana නැන්දා අපිව අරන් කෙළින්ම ගියෙ දොස්තර මාමෙක් ළඟට .
ඒ තරුණ දොස්තර මාමා හරිම හොඳයි.. මගෙත් දූගෙත් පරීක්ෂණ කීපයක් කරලා අපිට තියෙන ලෙඩ මොනවද බැලුවා.
ඇඟ පුරාම කසන ලෙඩේ නිසා මටත් දූටත් බෙහෙත් දුන්නා..
පරික්ෂණ වලි න් හෙළි වුණේ කිණිතුලු උණ, බරවා පණුවන් නොමැති බවලු…
අපි ගෙවූ දුක්බර ජීවිතයෙන් නිදහස් කරවාගත් සතුටට දොස්තර මාමා දුන්න බේත් වලට සල්ලි ගත්තෙත් නෑලු.
ඉන් පස්සෙ Sanjana නැන්දා අපිව අරන් ගියෙ ඇයගෙ ගෙදරට.
එහෙත් අපි වගේ විවිධ වයස්වල යාලුවො 40කට වඩා හිටියා…
පීකුදු එක්ක රස බත් ගොඩක් කන්න ලැබුණා…ඒ රස කෑම කාල දූ සිඟිත්ත තුරුල් කරන් අතපය දිගෑරල නිදාගත්ත පළවෙනි රෑ ඊයෙ ..
උදෙන්ම sanjana නැන්දා අපිව අලුත් නවාතැනට එක්ක යන්න සූදානම් කළා..
රෝද තුනේ කුරුල්ලගෙ මාවත් දූවත් දාගන මීගමුවෙ චමිලා නැන්දගෙ ගෙදරට ඉගිලුණා…
චමිලා නැන්දා අපිව ආදරෙන් පිළි අරන් රස බත් ගොඩාක් පිඟන් කීපයකට දාල දුන්නා.. මගෙ කෙලි පොඩ්ඩ ඒ රස බත් වලින් කොයිකෙන් කන්දෝයි නිච්චි නැතුව පිස්සියක් වගේ ඒ මේ අත දිව්වෙ සතුට වැඩිකමට..
දැන් අපි ආදරේ පිරුණු ලස්සන සුන්දර ලෝකෙක ජීවත්වෙනවා…
සතුටුයි, ඔව් ගොඩක් සතුටුයි.මායි මගෙ දූ සිඟිත්තයි අඳුරු අගාධෙන් බේරාගත්ත නැන්ද මාමලාට ණයගැතියි .
කඳුළු පිරි දෙනෙත්වලට සතුට කැන්දූ මායි මගෙ දූ සිඟිත්තයි කිතුල්ගලින් කිරිඳිවැලට, කිරිඳිවැලෙන් මීගමුවට ගෙන එන්න රෝද තුනේ මාමට රු.16000.00ක මොණර කොළ ලබාදුන්න නැන්දලා මාමලා සැමටත් අපි දෙන්නව සුරංඟනාලොවකට ගෙන එන්න වෙහෙස මහන්සි වූ සැමටත් ආදරෙයි පැලෙන්න..
අපේ රැහේ එවුන්ට වටිනා මිලක් , මහ ලොකු ලස්සනක් නැතත් වෙනස් කම් නොකර සලකන නැන්දලා මාමලා සැමට දුක් කරදර දොම්නස් නොමැති යහපත් අනාගතයක්ම වේවා !! සැපත සතුට නිරතුරුවම රජයේවා!!
මීට ,
ආදරණීය
කිතුල්ගල “සුන්දරී ” සහ ඇයගෙ දූ සිඟිත්ත “මලිති”
419938854 6329465537157009 6421258464314930008 n 420011877 6329465773823652 5410766554925747322 n 419952485 6329468743823355 4115854742160402344 n
උපුටා ගැනිම

https://web.facebook.com/groups/careforthevoiceless/?multi_permalinks=3748392482105616%2C3747693235508874&notif_id=1705231369530378&notif_t=group_highlights&ref=notif

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here