දැන් ඉතින් අපේ අත් අත හරින්න!

0
469

 

අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයනි,

Black Cap Movement ආරම්භ වූයේ අඳුරු කාලයක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වශයෙනි. වෙනසක් සඳහා වූ අපගේ කැඳවීමට සම්බන්ධ වූ අසංඛ්‍යාත මිනිසුන් ගැන අපි කෘතඥ වෙමු. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරයෙක් තම ධූරයෙන් පලවා හැරීමේ ජනතා ජයග්‍රණය අපි සියලු දෙනා එක්ව ලබාගත්තෙමු.

img 20240409 wa00078112335923746367910
අරගලයේ පලමු වෙඩිමුරය 2022  මාර්තු 01 වෙනිදා කොහුවලින් ආරම්භ කිරිමට මුල්වු Black Cap Movement. තරුණ දේශපාලන ක්‍රියාකාරින්
img 20240409 wa00062657133451964055428
img 20240409 wa00044183841895113330171
img 20240409 wa00057698405284887983362

අප සංවිධානය නිර්මාණය වුයේ දේශපාලනිකව අඳ ගොළු බිහිරිව සිටි අයගෙන් නොවේ. සක්‍රිය දේශපාලන පුරවැසි නායකයන් සමුහයකිනි. ඔවුන් විවිධ දේශපාලන සහ සමාජ නැමියාවන් සහිත පිරිසක් වූ අතර ජනතා අරගලය තුල සියල්ලෝ එක් අරමුණක් වෙනුවෙන් කැපවිය. නමුත් අප දැන් ඒ සියලු අත් අත්හැර ඔවුන්ට අනන්‍ය වූ ගමන් මාර්ග යාමට නිදහස් කල යුත්තෙමු.

ඒ අනුව ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ අප අපේ සියලු සටන් සඟයන්ට ඔවුන්ගේ මාවත් වෙත යාමට Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන්නෙමු.

Black Cap Movement ගමන අප අවසන් කරන්නේ දුෂ්කර ජනතා අරගලය ප්‍රජාතන්ත්‍ර කිරීමටත්, ප්‍රචණ්ඩකාරී නොවීමටත් මග පෙන්වූ සිතියමත්, මාලිමාවත් වූ, රට ප්‍රතිසංස්කරණ මාවතට අවතීරණ කිරීමට දායක වූ පුරෝගාමී සංවිධානයක් ලෙසිනි.

Hasta la vista!

ස්තුතියි!

දේශපාලන මණ්ඩලය,
Black Cap Movement.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here