දැන් සුනාමි නිවාස වල සිටින්නේ මුල් අයිතිකරුවන් නෙමෙයි? දොන් බොස්කෝ අධ්‍යක්ෂක පින්ටෝ පියතුමා කියයි

0
124

සුනාමියෙන්  මීගමුවේ ධීවර පවුල් වලට සිදුවූ හානිය  හේතුවෙන් ධීවර පවුල් විශාල සංඛ්‍යාවකට දොන් බොස්කෝ ආයතනයේ මැදිහත්වීමෙන් විශාල නව නිවාස සංකීර්ණයක්  ලබාදෙන ලදී. මෙම නිවාස සුනාමියෙන් නිවාස අහිමි වූ මිගමුවේ ධීවර පවුල් වලට ලබා දුන් අතර මේ වනවිට එම නිවාස බොහෝ සංඛ්‍යාවක් වෙනත් පුද්ගලයින්ට විකුණා ඇති අතර විදේශිකයින්ට කුලියට දි ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස දොන් බොස්කෝ ආයතනයේ ගරු පින්ටෝ පියතුමා විසින් අද මීගමුවේදී පැවැති ප්‍රාෙද්ශී්‍ය සංවර්ධන කමිටුවේදී ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම මෙම සුනාමි ගෙවල් විකිණීම ඇතුළු තවත් මීගමුව ප්‍රෙද්ශයේ පවතින නීති විරෝධී ක්‍රියා කීපයක් සම්බන්ධයෙන් සැකසුන වාර්තාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති බ.පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මන්ත්‍රීවරයා වෙත බාරදෙන ලදී.