දැන් 34 යි : රටටම LOCKDOWN එකක් අවශ්‍ය නැහැ : ”මම එපා කියද්දී රෝයල්-තෝමියන් මැච් එක ගැහුවා” -ජනපති (VIDEO)

0
60
මුළු රටම නිරෝධායනය කළ යුතු තත්ත්වයකට අපි තවම පැමිණ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.කොරෝනා වෛරසය හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොරෝනා මර්ධන කටයුතු ජනාධිපති කර්ය සාධන බලකාය අද (17) රැස් වු අවස්ථාවේදිය.

තමන් මේ පිළිබඳව සෑහෙන දුරට කල්පනා කළ බවත් හමුදාව සමග සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.

සියලුදෙනාම රටට ඇතුළුවීම නැවැත්වීම තුළින් කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවත් අද එම තීන්දුව ගත් බවත් ඔහු සඳහන් කළේය.

ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණ නිරෝධායනයට ලක් කිරීමට නොහැකි වූ පුද්ගලයින් සොයාගොස් ඔවුන්ව නිරෝධායනය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Royal 17 textකොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නවත්වන්නැති තමා උපදෙස් ලබාදුන් නමුත් එය නොතකා ඔවුන් තරගය පැවැත්වූ බව ජනාධිපතිතුමා එහිදී අනාවරණය කළේය.

පුද්ගලයින් සමාජ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇති බවත්, නිවැරදිව නිරෝධායන කටයුතු සිදු කළේ නම් කොරොනා වෛරය පැතිරීම වලක්වා ගත හැකි බවත් පැවසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වගකිමෙන් කටයුතු කිරීමට සහ නිවැරදි තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත දැනුම් දීම සෑම පුද්ගලයෙකුගේ ම  වගකීම බවද අවධාරණය කළේය.

වීඩියෝ


 කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 34 දක්වා ඉහළට

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 6 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන්නීය.

ඇය මේ බව පැවසූවේ,  Covid -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මාධ්‍ය හමුවේදී අනාවරණය වූ එම රෝගීන්ගේ තොරතුරු මෙසේය,

1. කොරෝනා වෛරසය ආසාදිත බවට දෙවනියට හමුවුණු සංචාරක මගපෙන්වන්නාගේ බිරිඳ.
2. ජර්මනියේ සංචාරය කළ පුද්ගලයෙක්.
3. එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙක්.
4. කැලණිය ප්‍රදේශයේ අයෙ‍ක්.
5. මාරවිල ප්‍රදේශයේ අයෙක්.
6. කටාර් රාජ්‍යයේ සිට පැමිණි උඩුගම්පොළ ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක තරුණයෙක්.

ඒ අනුව රෝගීන් ගණන 34 දක්වා ඉහළ ගොස් ඇති බව Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 16කදී පුද්ගලයින් 2258 දෙනෙකු නිරෝධායනය කරන බව Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ය.

වීඩියෝ

theleader.lk