”දැයට කිරුළ ” නිසා දැයට කිරුලු පළදන්නට දිවි කැප කළ විශ්‍රාමිකයන් ට කෙණෙහිලි?

0
73

11618430-businessman-question-cartoon-over-white-background-vectorසැප්තැම්බර් මාසයට නියමිත   පුත්තලම් දිස්ත්‍රික්කයේ  විශ්‍රාම වැටුප්ලාභීන් 300 කගේ පමණ වැටුප් ප්‍රමාදයක් සිදුවී  ඇති  බව විශ්‍රාමිකයින්ගෙන් වාර්තා විය. මේම ප්‍රමාදය සිදුකරනු ලබන්නේ  මෙම විශ්‍රාමික පිරිස  ලබාදිය යුතු ජීවන සහතිකය  නොමැති නිසා බවත් අදාළ ආයතන වල වගකිවයුත්තන් ප්‍රකාශ කරන ලදී.
වාර්තා වන පරිදි ජීවන සහතික ලබාදී ඇති 60 දෙනෙකුගේ පමණ  වැටුප්  පවා මේ වනතෙක් ලැබී නොමැත.  එක් විශ්‍රාමිකයෙකු පවසන්නේ පුත්තලම බැංකුවකට එවා ඇති  සැප්තැම්බර් මාසයේ වැටුප් ලේඛන වලද යම් දෝෂ සහිතවීම හේතුවෙන් ඒවා ද ආපහු හරවා යවා ඇති  බවයි. මේ වන විට මාස භාගයක් පමණ විශ්‍රාම වැටුප් ප්‍රමාද වීය. මෙම ප්‍රමාදය සඳහා බලපා ඇත්තේ දැයට කිරුළ සදහා සිදුකළ ජංගම සේවය බව විශ්‍රාමිකයන් පවසයි. නමුත් මෙය පිලිගන්නට කිසිවෙකු සූදානම් නැත. ඒ  සඳහා ජීවන සහතිකය ප්‍රමාද වීමේ කාරණය මුලට පැමින ඇත. අඩුම තරමේ ලබාදී ඇති ජීවන සහතික වෙනුවෙන් වත් විශ්‍රාම වැටුප් නොලැබූ 60ක පමණ ප්‍රමාණයක් සිටියි. මොවුන්ෙග් වැටුප් ප්‍රමාදය සිදුවන්නේ කුමක් නිසා ද ? ජංගම සේවාවලින් පසු නැවත මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයන් යෙදිවිණි. එයද  විශ්‍රාම වැටුප් ප්‍රමාදයට හේතුවිය.   මෙවැනි අදූරදර්ශී මෙන්ම ජනතා විරෝදී  පරිපාලන සේවයක් හරහා   දැයට කිරුළ කෙසේ වෙතත් දැයට කිරුලු පළදන්නට ඇප කැපවූ දහසක් විශ්‍රාමිකයින්ගේ අද දවස අවාසනාවන්ත වී ඇත.

වර්තමාන රජය විසින් විශ්‍රාමිකයින්ගේ වැටුප් ගෙවීම සඳහා  විවිධ කොන්දේසි මාලාව්ක් පනවා තිබේ.
විදේශගතව සිටින රජයේ්  සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප් ලබාදීමේදී වර්තමාන රජය විසින් දැන් මේ ජීවන සහතිකය අනිවාර්ය කර ඇත. ඔවුන්ගේ නම්  මාස කීපයක විශ්‍රාම වැටුප් වල හිඟයක් පැවතියහොත් ජීවන සහතික කිසිසේත්ම  සුදුසු නොවේ.  ඔහු හෝ ඇය මෙම විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා අනිවාර්්‍යයෙන්ම ලංකාවට පැමිණිය යුතුය. ලංකාවේ  සිටින සියලූම විශ්‍රාමිකයන් මාස 3කට සැරයක්  හා මාස 06කට සැරයක්  අදාළ ග්‍රාමසේවක මහතා හරහා  ජීවත්වන බවට සහතිකයක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දිය යුතුය. එය ‘ජීවන සහතිකය’  වේ. එයට අමතරව  සියලූම ග්‍රාමසේවකවරුන් තම කොට්ඨාශයේ  විශ්‍රාමිකයෙකු මියගියහොත් ඒ බව ඉතා ඉක්මණින් රජයට දැනුම් දිය යුතු බවට ද චක්‍රලේඛනයක් අනුව නියෝග කර තිබේ.
රජය විසින් විශ්‍රාමිකයින්ගේ වැටුප් ලබාදීමටත් නොදීමටත්  කාර්්‍යක්ෂම සේවාවක් රාජ්‍ය නිලධාරීන් හරහා ක්‍රියාත්මක කරන බව පැහැදිලිය. පසුගිය වසර වලදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට බඳවා ගත් උපාධීධාරීන් හරහා ද ජන සංඝනනයක් සිදුකරන ලදී, එමෙන්ම
ග්‍රාමසේවකවරුන් හරහා ද ජනසංඝනනයක් සිදුකරන ලදී. රජයෙන් මේවා හරහා බලාපොරොත්තු වූයේ කුමක් වුවත්,  ජනතාව වෙනුවෙන් රජයට දරන්නට වන බර අවම කර  ජනතාව මත බර පැටවීමේ ක්‍රමයක් අනුගමනය කරන බව නම් පැහැදිලිය.
මේ ආකාරයට විශ්‍රාමික වැටුප් ගෙවන්නන්ගේ වැටුප් ප්‍රමාදයෙන් පීඩා විඳින්නේ සිය ජීවිත කාලයේදීම  දැයක් ගොඩනගන්නට සිය කාලය ශ්‍රමය වැය කළ පුරවැසියන්ය.  නමුත් මේ පළිබඳව විමසා සිටියහොත්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයට පිළිතුරක්
තිබෙනු ඇත. ඔවුන්ගේ ජීවන සහතිකය ලැබී නැහැ යනුවෙන් පවසා සිටින්නට නිලධාරීන්ට පහසුය. නමුත් විශ්‍රාමිකයෙකු යනු  ජීවත් වුවත් විශ්‍රාමිකයෙකි.  ඔහුගේ වැටුප ගෙවීම සඳහා අදාළ පහසුකම් ඇතිකිරීම රජයේ වකීමක් වන  අතර ඒ වෙනුවෙන් තවත් කොන්දේසි බාධා ඇතිකිරීම සුදුසු කාරණයක් නොවේ. විශ්‍රාමිකයා ජීවත්වනවාද නැද්ද යන්න සොයාදැනගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරගත යුතු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය ඕනැ තරම් උපාධිධාරීන්ද දැන් අනුයුක්ත කර තිබේ. වාර්තා වන ආකාරයට ඔවන්ට කරන්නට ද වැඩක් නැති ගානය. නමුත් විශ්‍රාමිකයාගේ  ජීවත්වීම පිළිබඳ සහතිකය ලබාගන්නට  රජයට වැඩපිළිවෙලක් නැත.  පවතින රජය විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල මෙන්ම,  ප්‍රතිපත්තිය  ද කුඩම්මාගේ  සැලකිල්ලටත් එහා ගොස් ඇති බව සිදුවෙන දේ වලින් පැහැදිලිවෙයි.