දැරියගේ නිරුවත් දේහයේ පින්තුර ගන්න පොලිසිය ඉඩ දුන්නේ ඇයි ?

0
71

stock-photo-crime-scene-investigation-227430652කිසිදු සදාචාරාත්මක භාවිතාවක් නැති සමාජ ජාල මැට්ටන් ටිකකුත් වෘත්තිය අචාර ධර්ම ගැන මෙලෝ මල බෝලයක් නොදන්නා බංකොලොත් වෙබ් කාරයෝ ටිකකුත් කිසිම සංගෙකට නැතුව අර මිය ගිය දරුවාගේ  නිරුවත් දේහයෙ පින්තුර තරගෙට වගේ දැම්මා.
ඒ විතරක් නෙමෙයි සංස්කරණ නොකළ කියන ලේබලයත් ගහල කුණු රස හොයමින් අන්තර්ජාලයේ රස්සියාදු ගහන අය ලවා තමන්ගේ පොස්ට් වලට ලයික් එකතු කරගන්න තවත් අය කටයුතු කළා.
දැන් මෙතනදි මතුවෙන ප්‍රශ්ණයක් තියෙනවා. මේ විදියේ අචාරධර්ම විරෝධි  ආකාරයෙන් ඒ දරුවාගේ දේහයේ පින්තූර ගන්න ඉඩ දිල පොලිසිය මොකද කලේ කියන කාරණය.
ඒ හින්ද පොලිසිය තමන්ගේ වගකිම මෙතනදි නිසි අයුරින් ඉටුකළාද කියන ප්‍රශ්ණයත් තවමත් බරපතල ආකාරයෙන්ම ඉතිරි වෙලා තියෙනවා .