දැල්ලා….

0
965

ධීවර ගම්මාන වල ජීවත් වන මිනිසුන්ට විවිධ වු මත්ස්‍ය වර්ග කාලයෙන් කාලයට දක්නට ඇතිමුත් දැල්ලන් බූවල්ලන් වැනි ජීවින් වර්ග දක්නට ලැඛෙන්නේ තරමක් කලාතුරකිනි. මසුන් හා සැසඳීමේදී දුර්ලභ, ඉහළ වටිනාකමක් මෙන්ම ඉහළ රසයක් මෙන්ම ගුණයක් ද ඇති මෙම දැල්ලා විශේෂ වු මත්ස්‍ය වර්ගයකි.

ධීවරයන් මෙම මුහුදු ජීවින් වර්ගය හසු කර ගන්නා ක්‍රමය මසුන් හසු කර ගන්නා ක්‍රම හා සැසඳීමේදි විවිධත්වයක් ගනී. තනි බිලිකටුවක් හෝ බිලිකටු 3, 4 ක ප්‍රමාණයක් එකට සවි කරමින් සාදාගත් මෙවලමක් සහ අතංගයක් ( ඉස්සන්, මාලූන් ඇල්ලීමට දැල්වලින් නිමකල ධීවර මෙවලමක් ) ආධාරයෙන් මේ මුහුදු ජීවියා බිලි බා ගැනීම සිදුවේ. ධීවරයන් මෙම ක්‍රමය දැල්ලන් ගැනීම ලෙස හඳුන්වයි.
හසුකර ගන්නා ක්‍රමය-
මුලින්ම මෙම ධීවර මෙවලමට ඇමක් ( මත්ස්‍ය කොටසක් ) සවි කර
රැහැනක් මගින් ජලයට දමයි අනතුරුව මෙම මත්ස්‍ය කොටස කෑමට පැමිනෙන දැල්ලා මෙවලම වටා එතෙමින් එය මත රැඳී කෑම ගන්නා අතරතුර රැහැන මගින් මෙවලම ඔසවා අතංගය ආධාරයෙන් හසු කර ගනී. දැල්ලා මෙම මෙවලම වටා වෙලෙමින් ඇමය ආහාරයට ගැනීම, ජීවියා හසුකර ගැනීම සඳහා එක් පහසුවකි.

මොලූස්කා  නම් ජීවි විශේෂයට අයත්වන මෙම ජීවියාගේ ශරීරය තුළ දැලිමෙන් කළු වර්ණයෙන් යුත් ද්‍රව්‍යයක් තිබීම ජීවියා දැල්ලා යනුවෙන් හැඳීන්වීමට හේතුවක් බව ධීවරයන්ගේ අදහසයි.එමෙන්ම මෙම දැල්ලාගේ ශරීරය මතුපිට පොත්තක් වැනි ඝණකම් ආවරණයක් ද ඇත. එය දැලි පොත්ත යනුවෙන් හඳූන්වයි.

දැල්ලා මෙන්ම මෘදු ශරීර ඇති බූවල්ලා, දෙපියන් ඛෙල්ලා, මට්ටියා, මුහුදු ගොලූ ඛෙල්ලා, ඉකිරියා ( කටු සහිත පිටතින් කටුවකින් ආවරණය වු ජීවියෙකි ) වැනි ජීවින්ද මෙම මොලූස්කා නම් ජීවි විශේෂයට අයත් වේ.

එමෙන්ම දැල්ලා, බූවල්ලා වැනි හිස ප්‍රදේශයේ පාද පිහිටා ඇති මෙම ජීවින් මොලූස්කා වර්ගයට අයත්  සෙෆලොඩ්ස්  නම් ජීවි ඛාන්ඩයටද, ඛෙල්ලා, මට්ටියා වැනි දෙපියන් කටු සහිත ජීවින්
බයිවෑල්ව්ස් නම් ජීවි ඛාන්ඩයටද ඇතුලත් වේ.

සමස්ථයක් ලෙස දැල්ලා, බූවල්ලා, ඛෙල්ලා, මට්ටියා වැනි මොලූස්කා ජීවි වර්ගයට අයත් ජීවින්ගේ ශරීර ඉතා මෘදු වන අතර එක හා සමාන රසයකින් හා ගුණයකින්ද සමන්විත වේ.