දැවිතෙල් වලින් කඩල බදින ව්‍යාපාරිකයෙක් ???

0
72
ජනාශ්‍රිත ප්‍රදේශයක් වන මීගමුව වැල්ලවීදිය ග්‍රාමයේ මහා පරිමාන ව්‍යාපාරිකයෙකු  වන සුබ්‍රමනියම් නැමැත්තා  කඩල සහ අලපෙති බැදිම සදහා  ලිප් දැල්වීමට  ප්‍රමිතියකින් තොර ඉන්ධනයක් ලෙස  දැවිතෙල් යොදා ගන්නා බව වාර්ථා වේ.
මෙම තත්වය හේතුවෙන් ඒ අවට ජනතාවට  ස්වසන අබාධ ඇතුළු විවිධ සෞඛ්‍ය ප්‍රශ්ණ මතුව ඇති ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.
නො: 82 වැල්ලවිදිය, මීගමුව යන ලිපිනයෙහි පදිංචි අබ්දුල් වහාබ් මොහොමඩ් ෆව්සි මහතා පවසා සිටියේ තම නිවසට දකුනු දෙසින් මෙම ව්‍යාපාරය කරගෙන යන බවත් ඒ සදහා භාවිතා කල ලිහිසි තෙල් හා භූමිතෙල් මිශ්‍ර කර නීතීවිරෝධීව ඉන්ධනයක් සකසා භාවිතා කරන බවත් එයින් පිටවන කලු දුමාරය ප්‍රදේශය පුරා පැතිරී තම නිවැසියන් හා අසල්වාසින්ද,දරුවන්ද නිතර නිතර ස්වසන රෝගවලට ගොදුරු වන බවය.
පසුගිය වසර සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටීමට සිටි තම දියනියද ස්වසන රෝගයක් වැළදී වෛද්‍ය උපදෙස් මත තම පදිංචි ස්ථානයද මාරු කිරීමට සිදු වූ බව හෙතම වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම කඩල ව්‍යපාරය පිලිබදව මීගමුව මහ නගර සභාව , නගරාධීපති තුමා,   , මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය  ,මධ්‍යම පරිසර අධිකාරිය,ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය  ඇමති දැනුවත් කර ඇත.
මෙයට අමතරව මොහොමඩ් පවුසි මහතා විසින් 2013.0919 දින මීගමුව පොලීසියේද පැමිනිල්ලක් ගොනු කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය හා මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක  කාර්යාලය  ක්ෂෙත්‍ර පරීක්ෂණද පවත්වා ඇති අතර  පසුව මෙම ව්‍යාපරයේ වැරදි පෙන්වා දී ඒවා නිවැරදි කරගන්නා ලෙසත් දුම් පිටවීම සඳහා චිමිනියක් භාවිතා කරන ලෙසත්, දැවිතෙල්   භාවිතය නතර කරන ලෙසත් නියෝග කර ඇති නමුත් මේ වන විට  කොටසක් නිවැරදි කර ඇති නමුත් තවමත් දැවිතෙල් භාවිතය සිදු වෙමින් පවති.
මොහුගේ මෙම ක්‍රියාකලාපය හා නියෝග පැහැර හැරීම පිලිබදව මීගමුව නගරාධිපති තුමා දැනුවත් කර ලිපි යවා ඇති අතර ඒවායින්ද මෙම ව්‍යාපාරය නැවැත්වීමට  කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව පවුසි මහතා පවසයි..
මෙහිදි අප කල විමසුමකදි මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක   H.A.U.K  ගුණරත්න මහතා පවසා සිටියේ මෙම ව්‍යාපාරිකයා රහසිගතව දැවිතෙල් භාවිතා කරන බවත් ඉදිරියේදි මේ සම්භන්ධයෙන්  ඔහුට විරුද්ධව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවයි.
මෙසේ මෙම ගැටලුව පිලිබඳ  බලධාරින් නිසි තැකීමක් නොකර සිටීමෙන් මෙම ප්‍රදේශයේ ජනතාවට විශාල සෞඛ්‍ය ගැටලුවලට මුහුන දීමට සිදුවනු ඇත.10728727_807017632654163_664771691_n10728625_807017432654183_1197353043_nnew10728625_807017432654183_1197353043_n10743318_807017469320846_571955171_new
දිල්ශාන් ක්‍රිෂාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here