මීගමුව රෝහලේ තිබෙන බෙහෙත් ලබාදෙන කවුන්ටර් වලින් වයස්ගත වූ වැඩිහිටියන් වෙත කිසිදු විශේෂයක් නොකරන අතර, ඔවුන්ට ද අන් අය මෙන් දිගු වේලාවක් පෝලිමේ සිටීමට සිදුවී ඇත. එමෙන්ම රෝහල් සේවකයන් වෙත බෙහෙත් ලබාදීමේදී ද පෙරදී ඔවුන්ට ලැබුණු එම වරප්‍රසාදය අහිමි වී තිබේ. එම කවුන්ටරයත් මේ වන විට ක්‍රියාත්මක නොවේ. මේ අනුව පෙනී යන්නේ ජනතාගේ බදුවලින් නඩත්තු වන රජයේ රෝහල් වලින් ජනතාවට ලැබෙමින් තිබූ සෙත එන්න එන්ඩම නැතිවෙමින් යන බවය. මෙම සේවා අවශ්‍යතා සපුරාලීමට සුදුසුකම් ඇති නිලධාරීන් යොදවා එම පුරප්පාඩු පිරවීම රජයේ වගකීමකි.