දිනෙන් දින දිදුලන හරිස්චන්ද්‍ර විදුහල් තූර්‍ය වාදක කණ්ඩායම

0
750

12895273_1019037424817481_1556270426_nමීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කර වසර 75ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කරන ලද අපරදිග අධිසංගීත නාද සහිත බාලක තූර්‍ය වාදක කණ්ඩායම මේ වන විට ප්‍රදේශයේ අනෙකුත් සියළුම පාසල් වලට අභියෝගයක් එල්ල කරමින් විශිෂ්ඨ ජයග්‍රහණ රුසක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් 29 වන දින ආරම්භ කරන ලද මෙම තූර්‍ය වාදක කණ්ඩායම ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ විදුහලේ ආදි ශිෂ්‍ය කණ්ඩායමයි.ඒ විදුහලේ විදුහල්පති කීර්ති ද අල්විස් මහතාගේ පූර්ණ මගපෙන්වීම හා උපදෙස් මතයි.
කණ්ඩායමේ සාමාජිකයන්ගේ හා තූර්‍ය වාදක කණ්ඩායම බාරව කටයුතු කරන විශාරද ගීතිකා සමන්ති මැතිණියගේ පූර්ණ කැපවීම හා දක්ෂතාවය මත මේ වන විට හරිස්චන්ද්‍ර විදුහල් තූර්‍ය වාදක කණ්ඩායම විශේෂිත දක්ෂතාවයන් රැසක් ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙනවා. ඒ අතරින් 2016 වසරේ පාසල් කීඩා උත්සවය සදහා සහභාගී වීම,මීගමුව කොට්ටාස කීඩා උත්සවයට සහභාගී වීම,මෙන්ම අපියෙල් 6 වන දින පැවැත්වීමට නියමිත කලාප කීඩා උළෙට සහභාගී වීමට තේරී පත් වීම වැනි දේ විශේෂිතයි. එලෙසම මෙහිලා විශේෂිතම කරුණ වන්නේ මෙවැනි දක්ෂතාවයන් දැක්වීමට විදුහල් තූර්‍ය වාදක කණ්ඩායම සමත් වන්නේ මාසයක පමණ පුහුණු වීමකින් පමණක් වීමයි.
මේ වන විට කණ්ඩායමේ සාමාජිකයන් 32ක් සිටින අතර කණ්ඩායමේ පළමු නායකයා වන්නේ නිලුන දිල්ශාර ද සිල්වායි.

මේ වන විට පදේශයේ දිදුලන තූර්‍ය වාදක කණ්ඩායමක් වන හරිස්චන්ද්‍ර විදුහල් තූර්‍ය වාදක කණ්ඩායමට මීපුර අපගේ සුභ පැතුම්.

ඡායාරූප – ජානක මනෝහර පෙරේරා.