දින දෙකක් තුළ රිය අනතුරු 45 ක් ! රෝගීන් මීගමු රෝහලට !

0
98

RAJADAHANA ACCIDENET (12)(6.00 am ) දෙසැම්බර්  මාසය  තුළ  සිදුව  ඇති  රිය  අනතුරු  වලින්  මීගමු  රෝහල  තුළ  වාර්තාවී  ඇති  සංඛ්‍යාව  230කි.   එළඹුනු   නව  වසරේදී  දින  දෙකක්  තුළ  සිදුවී  ඇති  රිය  අනතුරු  සංඛ්‍යාව  45ක්  ලෙස  සටහන්වේ.   01දා  ප. ව. 12.00  පසුකරනවාත්  සමඟම  මීගමු  රෝහලේ   රිය  අනතුරු  නිසා  තුවාල  වූවන්ගෙන්   අදාල  වාට්ටු  පිරී ගිය  බව  රෝහල්  පොලීසිය  සඳහන් කරයි.  මේ  අනුව වෛද්‍ය වරුන්,  හෙදියන්,   මරණ  පරීක්ෂක වරුන්  සහ  රෝහල්  පොලීසියේ  මහත්වරුන්  යන  සියළු  දෙනාටම  වැඩ  අධික  විය.  රෝහල්  පොලිස්  කාමරය  මිනිසුන්ගෙන්  පිරී  තිබෙනු  දැකිය  හැකිවිය.

රෝහල්  පොලීසිය  ප්‍රකාශකරන්නේ   විවිධ  හේතු  අතර  මෙම  රිය අනතුරු  සඳහා  බීමත්කම  ප්‍රධාන  එකක්  වන  බවය.
මාර්ග  නීති  කඩමින්  වාහන  ධාවනය  කිරීමනිසා   බරපතල  තුවාල  ලැබූ  අය  සහ  සුළු  තුවාල  ලැබූ  අයද    වාට්ටුවල  ප්‍රතිකාර  ලබන  අතර  ඉහත  සඳහන්  වන දින  දෙකක   අනතුරු  සංඛ්‍යාව  තුළින්  අප  සියළු  දෙනාටම පාරේ  ගමන්  කිරීම  සිහිකල්පනාවෙන්  කලයුතු  බවට  අනතුරු  අඟවයි.