දින 26 ක් තුල කොරෝනා අසාදිතයන් 29 දෙනෙකු සුවය ලබති !

0
91

කොරෝනාමෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 26 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 171 දෙනකු හඳුනාගෙන තිබේ.මේ අතර
හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය ලැබූ දෙදෙනාද සමග 29 දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 කි.වෛරසය ආසාදනය වි ඇතිදැයි  සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙරට රෝහල් ගණනාවක නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන  259 කි.
ගෙවුන දින 26  ක කාලය තුල වාර්තා වී ඇති මරණ ගණන 05 කි.ඉන් එක් මරණයක් වාර්ථා වි ඇත්තේ මීගමුවෙනි.