දින 4 ක් ඇතුලත කොරෝනා රෝගීන් 10000 ක් !

0
174

මෙරටින් අවසන් දින හතරට ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය.

මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හතර තුළ ‘කොවිඩ් 19’ ආසාදිතයන් 10,148 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

මෙම මස 9 වැනිදා පළමු වරට ආසාදිතයන් 2000 සීමාව පසු කරමින් 2659 ක් වාර්තා විය. 10 වැනිදා ආසාදිතයන් 2573 ක් සහ 11 වැනිදා ආසාදිතයන් 2530 ක් ද, වාර්තා විය.

මෙම ආසාදිතයන් 2386 සමඟ පසුගිය වසරේ (2020) මාර්තු මස 11 වැනිදා ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවීමේ සිට වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 133,484 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here