දියණියට මරණය කැඳවු පොලිස් බෑණාට එරෙහිව මවකගෙන් පැමිණිල්ලක් !

0
86
මිය ගිය දියණිය

පොලිසියට සම්බන්ධ විවිධ පුද්ගලයන් මේ සමාජයේ මිනිස් ජිවිතවලට විවිධාකාරයෙන් කරමින් ඇති බලපෑම ගැන මේ දිනවල පුළුල් කථා බහක් සමාජය තුල මතුව තිබේ.ඒ පොලිස් නිළ ඇදුම යට සැගව සිටින ඇත දුස් චරිතයන් විසින් දැනටමත් මේ සමාජයට මුදා හැර ඇති ආමානුෂික පිඩාවන් හේතුකොට ගෙනය.
පොලිස් පහරදිම් වල සිට විශේෂයෙන්ම ස්ත්‍රන්ට පිඩාවන් ගෙන දෙමින් මරණයට පවා ලක්කරන්නට තරම් මේ ඇතැම් පොලිස්කාරයන් නරුමයන් බවට පත්ව සිටිති

ෆේස්බුක් හරහා තම දියණිය දැන හැදිනගත් පසුව බෑණෙකු බවට පත්වු පොලිස්කාරයෙකු පිළිබදව සීදුව ප්‍රදේශයේ මවක් අතිශය මානුෂිකවු අවනඩුවක් ගැන මාධ්‍ය හමුවේ හෙළිදරව් කර සිටියාය.
විවිධ මත්පෙති ඇසුරේ සිටියේ යැයි කියන තමන බෑනාගේ අස්වාභාවික හැසිරිම් නිසාවෙන් දැඩි මානසික පිඩාවකට පත්ව සිටි සිය දියණිය බෑනා විසින්ම ගෙන එන්නට ඇතැයි සැක කරන පෙතිවර්ගයක් බිම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදි ඉතා අවාසනාවන්ත ලෙසින් මිය යෑම සම්බන්ධයෙන් සිය පොලිස් බෑනා වගකිව යුතුයැයි මේ මව සිදුව පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකොට තිබුණද එයට නිසි අවධානයක් යොමුව තිබුනේ නැත බව මේ මව ප්‍රකාශ කර සිටි.
මේ අතර ඉහලම පොලිස් ඒකකයන් වෙතින් ඉල්ලා සිටින්නේ තම මියගිය දියණියට සාධාරණයක් ඉටු කරන ලෙසය
පොලිසියෙන් සාධාරණයක් ඉටු විම පමා වෙමින් තිබියදි මේ මව ඇගේ අවනඩුව ෆේස් බුක් හරහා සමාජ ගත කිරිමටද පියවර ගත්තාය.
පසුගිය සිකුරාද මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය විසින් සීදුව පොලිසියට බරපතල චෝදනාවක් කර සිටියේ ඇගේ පැමිණිල්ලට නිසි අවධානයක් යොමු නොකළ බවය

මව විසින් සිය ෆේස් බුක් පිටුවේ තැබු සටහන .