දියනෑමට ගිය තවත් දරුවෙකු කම්මල් මෝයේ ගිලෙයි.

0
96

මිගමුව කොච්චිකඩේ කම්මල් මොයේ දියනෑමට ගිය අවුරුදු 8ක පමණ පිරිමි දරුවෙකු දියේ ගිලි අතුරුදන්ව ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.

ඥාතියෙකු සමඟින් දරුවන් 5දෙනෙකු මෙසේ දියනෑමට ගොස් තිබේ.දිය ගිලි ගිය දරුවා සොයා ගැනිමට ප්‍රදේශවාසින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටි.

පැවැති ගං වතුර තත්වය හේතුවෙන් කම්මල් මෝය ප්‍රදේශයේ වලවල් හැරි ඇති නිසා  මේ දරුවා ඒ  වලක ගිලෙන්නට ඇතැයි සැක කෙරේ.

මිට දවස් කිහිපයකට ඉහතදි වැල්ලවිදිය මුහුදු තීරයේදි අවුරුදු 15 ක පමණ දරුවන් දෙනෙකු දිය ගිලි මිය ගොස් තිබුණි.