දියහොඳ ඇලට අසුචි මුදාහැරිමේ වරදට වගකිවයුත්තේ කව්ද ?

0
351
දියහොඳ ඇලට අසුචි මුදාහැරෙන බටය..

මීගමුව නගරයේ අසුචි කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනයේ අයිනේ ඇති වලකට මුදාහැරිමෙන් පසු බටයක් ඔස්සේ දියහොඳ ඇල හරහා මීගමුව කලපුවට යන මුදාහැරෙන බව දැනටමත් අප විසින් ජායාරූපද සමඟින් හෙළිදරව් කර ඇත්තෙමු.
වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක මේ බරපතල සෞඛ්‍ය ව්‍යසනය බලධාරින් අතර පාපන්දුවක් බවට පත්ව ඇත්තේ එහි වගකිම් කාගේද යන්න මුල්කරගෙනය.
පරිපාලන අධිකාරියේ ප්‍රධානියා වු කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ තමන්ටද එවැනි ප්‍රශ්ණයක් ඇතැයි  ආරංචි බවය.
එමෙන්ම මෙම කටයුත්ත ගැන සොයා බලන්නට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා හට පවරා ඇති බවය.
එහෙත් අප සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගෙන් මේ ගැන විමසන ලද අවස්ථාවේ ඔහු විසින් පවසා සිටින්නේ ඒ ගැන කොමසාරිස්වරයාගෙන් විමසන ලෙසයි.
කෙසේ වෙතත් දැන් නගර සභාවේ එකම බලාපොරොත්තුව වි ඇත්තේ මීගමුවේ ඉදිවෙමින් ඇති නවලෝක රෝහලේ අසුචි වලින් ගොඩ යන්නටය.
එනම් නව රෝහලේ සියළු මළඅපවහන කුරණට මුදා හරින්නට ඉඩ ලබාදෙන්නේ නම් ඔවුන් විසින් කුරණ මළඅපවහන පද්ධතිය පිළිසකර කර දෙන බවට නගර සභාවට කර ඇති යෝජනාවයි.
එපමණක් නොව මේ දිනවල මීගමුව රෝහලේ මතුව ඇති මළඅපහවහන ප්‍රශ්ණය හේතුකොටගෙන එහි සියළු අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේද  කුරණටය.
මේ අනුව කුරණ මළඅපවහන පද්ධතිය ඉක්මනින් පිළිසකර නොකෙරෙන්නේ නම් බරපතල සනිපාරක්ෂක ගැටළු රැසක් ඇතිවිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here