දියහොඳ ඇල ගොඩකර විකුණන්න ගෙවල් හදපු ව්‍යාපාරිකයාට වැඩවරදි ? හෙට තීරාණාත්මකයි !

0
239
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල

දියහොඳ ඇල ගොඩකරමින් මේ දිනවල තනමින් ඇති ගොඩනැගිල්ලක් ගැන අද පෙරවරුවේ අප විසින් හෙළිදරව් කළෙමු.
අදාල පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකු බවත් මේ නිවස ඉදිකරන්නේ යළිත් විකිණිමට බවත් අපගේ පුවතට ප්‍රතිචාර දැක්වු ඇතැම් පාඨකන් විසින් අප වෙත කියා සිටියේය.
මේ අතර අද එහි ගිය ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරිය අදාල තැනැත්තාට මේ කර ඇති නීතිවිරෝධි කටයුත්ත පිළිබදව සිය විරෝධය පළකර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළවිමසුමකදි ග්‍රාම නිළධාරිවරිය කියා තිබුනේ මේ ඉදිකිරිම සදහා නගර සභාවෙන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇති බවය. පසුව ග්‍රාම නිළධාරිවරිය ඒ අවසරය පෙන්වන්නට යැයි කි විට එසේ පෙන්වන්නට ඔහුට හැකිවි නැත.
මින් එකක් පැහැදිලිය මේසා බරපතල නීතිවිරෝධි වැඩක් කිරිමට බයක් නැතිව මේ ව්‍යාපාරිකයා පෙළඹි ඇත්තේ කාගේ හෝ දේශපාලන හයියක් මත බවය.,
ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම විශාල මුදලක් ගෙවා ඇතැයි අනුමාන කළ හැක්කේ කිසිදු බියකින් තොරව විශාල මුදලක්ද යටකර දැනටමත් විශාල ප්‍රදේශයක් ගොඩකරමින් නිවාසය තැනිමට කටයුතු යොදා තිබිම නිසාය.
කෙසේ වෙතත් අපට කරුණු දක්වා සිටි ග්‍රාමනිළධාරිය  අවධාරණය කර සිටියේ හෙට දිනයේ ප්‍රාදේශිය ලේකම්වරයාටද දැනුම් දි , පොලිසියද කැදවාගෙන විත් අවැසි නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවය.
කිසිදු බියක් සැකයක් නැතිව ප්‍රකට ඇලක් ගොඩ කරමින් විකිණිමට ගෙවල් හදන මේ තැනැත්තාගේ හයියට සිටින දේශාපලනය කුමක්දැයි අප වහා සොයා බැලිය යුතුව තිබේ.
ඒ සියළු දෙනා කොන්දේසි විරහිතව හෙළිදරව් කළ යුතුව ඇත්තේ ඇද හැලෙන මහවැසි රටේ  බොහොමයක් තැන්වල ජනයා වැසි ජලයට යටවි දුක් විදින්නේ මෙවන් නරුමයන් නිසා බැවිනි.
හෙට දිනයේ මේ අමන කමට එරෙහිව යුක්තිය පතා කටයුතු කරන ජනයාගේ සහය ග්‍රාම නිළධාරිවරියට ලැබිය යුතුව තිබේ.