දියහොඳ ඇල ගොඩකර හැදෙන ගොඩනැගිල්ල ?

0
374
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල
දියහොද ඇල ගොඩකර ඉදිකරමින් ඇති ගොඩනැගිල්ල

තැන තැන සිදුකර ඇති අනවසර ඉදිකිරිම් ගොඩකිරිම් නිසා මේ දිනවල විශාල පිරිසක් අසරණ තත්වයකට පත්ව සිටිති.
දැනට කලක පටන් දියහොඳ ඇලෙහි කොටසක් ගොඩකරමින් ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ලකි. පිට ප්‍රදේශයකින් පැමිණි ඇතැයි කියන මේ තැනැත්තා ඉතා පැහැදිලි ලෙසින්ම ඇල කොටසක් ගොඩකරමින් මේ ඉදිකිරිම කරගෙන යනු ලබයි.
මේ පිළිබව අප ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරිවරියගෙන් කරන ලද විමසිමකදි ඇය කියා සිටියේ මේ  ඉදිකිරිම නතර කරන ලෙස ඇය විසින් දැනටමත් අදාල අය වෙත දන්වා ඇති බවයි.
එහෙත් අප ඇයට කියා සිටියේ එ නියෝග ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති බවය.
මෙම ඉදිකිරිම කොළඹ ප්‍රධාන පාරට ආසන්න තැනකදි සිදුවෙමින් තිබේ.දියහොද ඇල දැන් පිටාර මට්ටම දක්වා පැමිණ ඇති සෙයකි.
,මේ ආකාරයෙන් ගොඩකරමින් ඇලෙහි පළල අඩුකිරිමට කටයුතු කර ඇති සැම වෙත තරාතිරම නොබලා දඩුවම් දිමට පියවර ගත යුතුව තිබේ.