දියාගෝ ග්‍රාෂියා හී අතරමංවූ ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත ස්ථානගත කරන්නැයි ඉල්ලීමක්

0
258

බ්‍රිතාන්‍යයට අයත් හුදකලා දූපතක් වන දියාගෝ ග්‍රාෂියා හි රඳවා සිටින ශ්‍රි ලාංකික දෙමළ සරණාගතයින් පිරිසකගේ තත්ත්වය පිලිබඳව විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නිලධාරීන් පිරිසක් ඩියේගෝ ගාර්ෂියා වෙත ගොස් සරණාගතයින් ගේ තත්ත්වය විමර්ශනය කර් ඇති බව වාර්තා වේ. ඒහිදී ඒම ‌දමිළ ජාතික සරණාගාතයින් ඔවුන්ගේ අනාරක්ෂිතබාවය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් සමඟ බෙදාගෙන ඇත.

වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියානු සාගරයේ ඩියාගෝ ගාර්ෂියා දූපතේ අතරමංව සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ළමා අපයෝජන සහ ස්වයං හානි පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් සමඟ බෙදාගෙන ඇත.

මෙම පිරිස 2021 ඔක්තෝම්බර් මාසයේදී ඩියාගෝ ගාර්ෂියා වෙත ගොස් ඇති අතර ඔවුන් සරණාගතභාවය පතා කැනඩාවට යන අතරමගදී බෝට්ටුවක් කඩා වැටීමෙන් පසු දිවයිනට පැමිණි බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, සරණාගත කණ්ඩායම තුළ, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ලිංගික හිරිහැර සහ අපයෝජන සිදුවීම් වාර්තා වී ඇති අතර,ඒ් හෙතුවෙන් වැඩි ආතතියකින් ඔවුන් සියදිවි නසා ගැනීමට පෙළඹී ඇත.

එම වාර්තාවට අනුව සරණාගතයින් ලිංගික හිංසනය සහ හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පලක් නැති බවත්, ආරක්‍ෂාව යුක්තිය වැනි කාරණාවල ප්‍රගතියක් නොලැබෙන බව ඔවුන්ගේ හැඟීම බවත් විමර්ශ්නයේදි පෙනිගොස් ඇත. ලිංගික අපයෝජනයට ලක්වූවන් වින්ඳිියින් සිටින කඳවුරේම ජීවත්වන බවද පෙන්වා දී තිබේ.

ළමුන් 61 දෙනාගෙන් 16 දෙනෙකු රඳවා තබා ගැනීම “විශේෂයෙන් කනස්සල්ලට පත්වන” බව පවසන වාර්තාව ඔවුන්ට ජාත්‍යන්තර ආරක්ෂාව අවශ්‍ය නම් ඔවුන් බ්‍රිතාන්‍යයට මාරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

රැකවරණ පතන්නන් බ්‍රිතාන්‍යය පදනම් කරගත් පුද්ගලික ආරක්ෂක සමාගමක් වන G4S හි කාර්ය මණ්ඩලය විසින් ආරක්ෂා කරන ලද පාපන්දු පිටියක ප්‍රමාණයෙන් අඩක් පමණ වැටක් සහිත ප්‍රදේශයකට සීමාවී ඇති බවත් සරණාගතයින්ට ආහාර පිසීමට ඉඩ නොදෙන අතර මීයන් දෂ්ට කිරීමෙන් පීඩා විඳින බව වාර්තා වන අතර දිවයිනේ බහුලව සිටින මීයන් සරණාගතයින්ගේ කූඩාරම් වලට හානි කරන බවත් වාර්තා වී ඇත.

“අපි අමතක වී ඇති අතර, අපගෙන් බොහෝ දෙනෙක් අපගේ ජීවිතයේ අවසානය ගැන සලකා බලමින් සිටිමු.” කාන්තාවක් පවසා ඇත.

ඩියාගෝ ගාර්ෂියා ගේ තත්ත්වය “මෙහේ ජීවත් වෙනවා වගේ, අපායේ ජීවත් වෙනවා වගේ” යැයි සරණාගත මවක් උපුටා දක්වන වාර්තාව, දරුවන් රඳවාගෙන සිටියදී ආරක්ෂක බල්ලෙකු වැටෙන් පිටත නිදහසේ සැරිසැරූ බව ද පෙන්වා දී ඇත.

එම දූපත ඉන්දීය සාගර දූපත් වල කොටසක් බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි. ව්‍යවස්ථානුකූලව එක්සත් රාජධානියෙන් වෙන් වුවද එය පරිපාලනය කරනු ලබන්නේ ලන්ඩනය විසිනි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පවසන්නේ දිවයින මොරිෂස්හි කොටසක් බවයි.

සරණාගතයින් පිරිසක් විසින් එම දුපතේ අධිකරණයක්  ඉදිරිපත් කරන ලද නඩුවක් මගින් ඔවුන්ට දිවයිනේදී සලකන ආකාරය ගැනත්, මෙය නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමක් බවට ප්‍රකාශ කර ඇති බව  එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.  

විශේෂ වාර්තාකරුවෙකු විසිනි.