දියේ ගිල්වා සිඟිත්තා මැරූ සීදුවේ දුමින්ද ගස්

0
84

වෙන්නප්පුව රංගම්මුල්ෙල්දී ගිං ඔයට දමා දරු සිඟිත්තකු ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණරාජා මහතා ඊයේ (21) මරණිය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණ දඩවම නියම වුයේ සීදුව තුම්මුල්ල වත්තේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ දුමින්ද මධුරං අල්විස් නමැති තරුණ එක්දරු පියෙකුටය.

2009 ජුනි මස 17 වන දින හෝ ඊට ආසන්න දිනයක දී දිසානායක පතිරණගේ පංසිළු ප්‍රභාස්වර විරමන් නමැති වයස අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාගේ මරණය සිදු කිරිමේ චෝදනාව මත මේ නඩුවපවරා තිබුණි.

චෝදනා පත්‍රය ඉදිරිපත් කළ පසු විත්තිකරු නිවැරැදිකරු බව පළ කිරිම නිසා ඔහුට එරෙහිව නඩු විභාගය ආරම්භ කෙරුණි.මියගිය දරුවාගේ මව සහ පියා අතර පවුල් ආරාවුලක් වු අතර එම වකවානුවේ දි ඇය කැලණිය ප්‍රදේශයේ පාසලක කළමනාකාර සහකාරවරියකව ලෙස සේවය කර ඇත. එහිදි ලොරි රියැදුරෙකු වන විත්තිකරු මේ කාන්තාව ඇසුරු කර ඇති අතර පසුව ඇය මාරුවක් හදා ගෙන වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලකට පැමිණ ඇත.

ඒ අතර වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක පදිංචි වී ඇත. දරුවා දිවාසුරුකුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අතර විටින්විට ඇගේ විවාහක ස්වාමි පුරුෂයා මේ නිවසට පැමිණ දරුවා බලා ගොස් ඇති බවත් සාක්කිවලින් හෙලිවිය.මේ අතර මේ සිද්ධිය වු දින දිවාසුරුකුම් මධ්‍යස්ථානයේ සිටි දරුවා විත්තිකරු විසින් රැගෙන ගොස් වෙන්නප්පුව නයිනාමඩම ගිංඔයට දමා තිබි පසුව පොලිසිය විසින්සොයා ගෙන තිබු බවත් හෙළි විය.

විත්තිකරු තමන් නිර්දෝෂි බව ප්‍රකාශ කළත් පැමිණිල්ලේ සාක්කි මත ඔහු මේ මරණය සිදුකර ඇති බව සනාථ නිම නිසා විනිසුරුවරයා ඔහුට මරණ දණ්ඩනය නියම කළේය. පැමිණිල්ල රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මෙනෙවිය විසින් මෙහෙය වු අතර විත්තිකරු වෙනුවෙන් නිතිඥ ලලන්ත සරත්චන්ද්‍ර මහතා පෙනි සිටියේය.
www.dinamina.lk