දියේ ගිලි මිය යෑම් වැඩිම රට ශ්‍රිලංකාවයි.

0
246

drowingදියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ  (LSASL) වාර්ථාවක් උපුටා දක්වමින් ලංකා ඩේලි වෙබ් අඩවිය වාර්ථා කරයි.
ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (LSASL) පවසයි. අනතුරු හැඟවීම් නොසලකා අවදානම් කලාපවල දිය නෑමට යාම, බීමත්කම හා වෙනත් ශරීරාබාද තිබියදී වැව් හා මුහුදේ දිය නෑමට යාමෙන් සිදුව ඇති විපත් ආදී වශයෙන් මෙම තත්වය උත්සන්න වී තිබේ.

මෙරට සාමාන්‍ය පොදූ නීතිරීති නොසලා හැරීම හා නූගත්කම නිසාත් වන මරණ අනුපාතයද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවද වාර්තා වී ඇත. සිය දිවි හානී කර ගැනිම සම්බන්ධයෙන්ද ලෝකයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වුයේද මෙරටින්ය. අධික බීමත් කම ,මාර්ග අනතුරු, විදුලි කාන්දුවීම ආදිය නිසා ද විශාල මරණ ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවේ.

පසුගිය වසරේදී දියේ ගිලී මියයෑම් 1100ක් පමණ වාර්තා වී ඇත.
මේ අතර  මේ දිනවල ඉතාලියේ ජලාශ වල දිය නෑමට යාම නිසා සිදුවන මරණ අතරින් වැඩිම මරණ ගණනක් වාර්ථා වි ඇත්තේද ශ්‍රිලාංකිකයන් අතුරෙනි.
පසුගිය මාස 2 ක කාලය තුල පමණක් දියගිලි මිය යාම් 3 ක් වාර්ථා වි ඇත.මෙහි අවසාන මරණය වාර්ථා වුයේ පසුගිය සතියේය.

ඉතාලියේ වෙරෝනා නුවර දියගිලිමක් නිසා මිය වෙන්නප්පුවේ පදිංචිකරුවෙකුගේ අවමංගල්‍යය
ඉතාලියේ වෙරෝනා නුවර දියගිලිමක් නිසා මිය වෙන්නප්පුවේ පදිංචිකරුවෙකුගේ අවමංගල්‍යය
ඉතාලියේදි දිය ගිලිමෙන් මිය ගිය අයෙකු මරණ දැන්විම
ඉතාලියේදි දිය ගිලිමෙන් මිය ගිය අයෙකු මරණ දැන්විම