දිරි දිවි ව්‍යවසායක වෙළද ප‍්‍රදර්ශනය – 2012

0
117
P11703271             මීගමුව, වර්ල්ඞ් විෂන් ශී‍්‍ර ලංකා සංවිධානය මගින් කි‍්‍රයාත්මක කරන මීගමුව නාගරික සංවර්ධන වැඩසටහන මගින් ප‍්‍රදේශයේ තෝරා ගත් පවුල් 3000 ක් සමග එලි දැක්වූ දිරි දිවි ව්‍යවසායක වෙළද ප‍්‍රදර්ශනය  මීගමුව, කඩොල් කැලේ කී‍්‍රඩාංගනයේදී අද දින ආරම්භ විය. මීගමුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල ස්වයං ව්‍යාපාර නිෂ්පාදන එලි දැක්වීම සහ හදුන්වාදීම මෙම ප‍්‍රදර්ශනයේ මුලික අරමුණ වී තිබූණී.
                1998 වසරේ පටන් ආරම්භ කර ඇති මෙම මුලික වැඩසටහන මගින් මීගමුවේ, මුන්නක්කරය, සිරිවර්ධන පෙදෙස, වැල්ලවීදිය සහ පිටිපන යන ප‍්‍රදේශ 04 හි ග‍්‍රාම නිලධාරී වසම් 07 ක් තුල තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 3000 ක් පමණ මෙම වැඩ සටහන සදහා තොරා ගෙන ඇත. ඒ අනුව වර්ල්ඞ් විෂන් සංවිධානයේ අනුග‍්‍රහය ඇතිව  එම ප‍්‍රදේශවල රජයේ නිර්දේශ කර අනුමත කල යටිතල පහසුකම් ඇති කර මෙම වැඩසටහන ආරම්භ කර ඇත.
                 දිරිදිවි ව්‍යවසායක වෙළද ප‍්‍රදර්ශනය ම`ගින් මෙම ස්වයං ව්‍යාපාර නිෂ්පාදනයන් නගරයේ සහ රටේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ජලාවට මුසු කිරීම, එලෙසම මහා පරිමාණ ව්‍යාපාරිකයන් සම`ග සම්බන්ධ වීමට සම්බන්ධීකරණය සිදු කිරීම, එමෙන්ම නව නිෂ්පාදන එලිදැක්වීම සදහා දිරිගැන්වීම සහ තරගකාරීත්වයක් ඇති කීරීමද සිදු වේ.
                      මේ අනුව  මීගමුව නාගරික සංවර්ධන වැඩසටහනේ සැලසුම් සහ නියාමණ සම්බන්ධීකාරක දිනේෂා පෙරේරා මහත්මිය පවසන්නේ මෙම වැඩසටහන අධ්‍යාපන, සෞඛ්‍ය හා පෝෂණ, ආර්ථික සංවර්ධන යන කොටස් 03 කින් සමන්විත බවයි. එලෙසම මෙම වෙළද ප‍්‍රදර්ශනය ආර්ථික සංවර්ධන අංශය තුලින් කි‍්‍රයාත්මක කරන තවත් එක් වැඩසටහනක් පමනක් බවත් ඒ අනුව මෙම ප‍්‍රදේශ වල වෙසෙන බහුතරයක් වන ධීවර පවුල් වලට අමතර ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට
 මෙම වැඩසටහන මහෝපාකාරී  වන බවද ඇය වැඩිදුරටත් පවසයි.
                     මෙම වෙළද ප‍්‍රදර්ශනය හෙට දිනයේත් එනම් සැප්තැම්බර් 23 වැනි ඉරු දිනත් පැවැත්වෙන අතර මෙම වෙළ`ද ප‍්‍රදර්ශනය වෙළ`ද කුටි 60 කින් පමන සමන්විත වේ.
P1170328more photo >>http://citizenpage.tumblr.com/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here