දිලිඳු දරුවන්ට පාසැල් පොත් බෙදාදීමක්

0
53

IMG-20191212-WA0016IMG-20191212-WA0004IMG-20191212-WA0017IMG-20191212-WA0018 පසුගිය ඉරිදා (08 දා) යටියන්තොට ශාන්ත මාක් දේවස්ථානයේ දහම් පාසැල් දරුවන්ට රු. 1,50,000/ ක පමණ වටිනාකමින් යුතු පොත් බෙදාදීමක් සිදු කළ අතර මෙම කටයුත්ත සිදුකරන ලද්දේ මාක් දේවස්ථානයේ දහම් පාසැල් දරුවන්ගේ අවශ්‍යතාවයක් අනුව එම දේවස්ථානයේ පාලක පියතුමා වන ප්‍රෑන්ක් මිරැන්⁣ඩා පියතුමා විසින් කළ ඉල්ලීමකට අනුවය . මෙහිදී සිසු දරුවන් 52 කට අංගසම්පූර්ණ පොත් කට්ටලයක් ලබාදීමට මෙම සද් කාර්‍ය සිදුකළ සංවිධායක වරු කටයුතු කරන ලදී .
මේ සඳහා ශාන්ත ස්තෙපාන් දේවස්ථානයේ රජිත ද මෙල් පියතුමා වැඩි දායකත්වයක් ලබා දුන් අතර මීගමුව , දළුපත ප්‍රජා පොලිස් කමිටුව සහ යටියන්තොට ශාන්ත ගේබ්‍රියල් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මෙම සද්කාර්‍ය සංවිධානය කිරීමට මැදිහත් විය .