දිලෙන තරු සංගීත කණ්ඩායම මීගමුවට….

0
112

මේ සංගීත් දිලෙන තරුය. තැනින් තැන ගිහිල්ල සිංදු කියල  එදිනෙදා වේල හොයා ගැනීම තමයි මේ අයගෙ ජීවිතය නඩත්තු කර ගන්නා  ආදායම් මාර්ගය.

දරුවන් දෙදෙනකු ඉන්න බවත් , ඔවුන් පාසැල් යාම නතර කළ බවත් කියමින් සංගීත් ,කතාව නතර කළේ
සෙනඟ යන්න ඉස්සෙල්ල තවත් සිංදුවක් කියන්න තියෙන කලබලය නිසයි.

දෙදෙනා විවාහක බව සංගීත් පවසයි. ඔවුන් සංගීතය හදාරල නැති නමුත් තමන් දන්නා පරිදි හදාගත්ත සැලසුමකට අනුව මයික් දෙකක් බොංගෝවක් එහෙම භාවිතා කර සිංහල සිදු වගේම හින්දි සිංදුත් කිව්ව. සංගීත්ගෙ අතට යන එන අය රු. 50./ , 100/ වගේ දීල ඔහුට දිරියක් ලබාදුන්න .

ඔවුන්ගෙ වේදිකාව මහපාර වුනාට ලැබෙන ආදායම කුඩාවුනාට මේ ඉන්නෙත් , ගායකයෙක් නේද කියල මට හිතුන . ඇස් කඩා හැලෙන විදුලි බුබුළු දැල්වෙන , කරනම් ගහන්න පුළුවන් මට්ටමේ වේදිකාවක ඉඳගෙන ගායනා කරන සිංදු වලට ලොකු මුදලක් ලබන ප්‍රසිද්ධ ගායකයින්ට වගේ මේ අයට මුදලක් නොලැබෙන බව ඇත්ත .
පුද්ගලික වාහන නෑ ඒනිසා බස් එකෙන් ඇවිල්ල තමයි සිංදු කියන්නෙ. මේ කරන්නෙත් ගීත ගායනා කරල ජීවිතය ගැට ගහගන්න කරන උත්සාහයක්.

සැම්සන් ඥානසිරි