රජය විසින් මේ වන විට දිවයිනේ සියළු පාසැල් වසා දැමිමට තිරණ කර තිබේ.
ඒ පවතින කොරෝනා අවදානම් තත්වය හමුවේය.
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වන දින දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇතැයි බිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තහවුරු කළේය.
රජය කඩින් කඩ පාසැල් වැසිමට කටයුතු කරමින් සිටින ආකාරය ගැන දැඩි විවේචනයක් එල්ල කළ ලංකා ගුරු සංගමය දිගින් දිගටම කියා සිටියේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයිනේ සියලු පාසැල් වසා දැමිය යුතු බවය.
මේ වන විට රජය විසින් අවසානයේ ගුරු සංගමය විසින් දරුවන් වෙනුවෙන් කළ බලපෑම හමුවේ පාසැල් සියල්ල වසා දැමිමට පියවර ගෙන තිබේ
රජය මේ මොහොතේ ඒ තින්දුව ගැනිමට පෙර ප්‍රදේශ කිපයම පාසැල් වසා දැමිමට ඒ ප්‍රාදේශවල බලධාරින් විසින් තිරණය කොට තිබුණි.
කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (27 ) පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
සබරගමුව ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව, දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
කොරෝනා දැඩි අවදානමක් ඇති බස්නාහිරට සහ වයඹට යාව පිහිටිම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට කොරෝනා අවදානම වැඩි බව එම රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් විය.
වයඹ සහ බස්නාහිර පළාත්වලින් කෑගල්ලේ පාසල්වලට ගුරුවන් විශාල පිරිසක් පැමිණෙන බැවින් මේ මොහොතේ පාසල් වැසිය යුතු බව එම රැස්වීමට එක්වූ වැඩි දෙනාගේ අදහස විය
අද දින කෑගල්ල දිස්ත්‍රික් පාසල්වලට සිසුන්ගේ පැමිණීමද ඉතා අඩුමට්ටමක පැවැතීමණ මෙහිදී වැඩි අවදානය ලක් විය.
මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සතියක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ අද (27) පෙරවරුවේ තීරණය කර ඇත.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිසාලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
කොවිඩ් වසංගත තත්වය අම්පාර ප්‍රදේශයේ පැතිරයාම සැලකිලල්ට ගෙන මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 13 ද ලබන 30 වැනිදා තෙක් වසා දැමීමට තීරණය කළ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.
එම ප්‍රෙද්ශයේ පවතින තත්ත්ව හා පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටී.
මේවන විට සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල්ද , බස්නාහිර, වයඹ පළාත්වල රජයේ පාසල් හා කතෝලික පාසල් ලබන 30 වැනිදා තෙක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.