දිවයින පුරා රෝහල්වල ICU ඇදන් හිඟයක් …

0
245

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යත්ම, දිවයින පුරා පිහිටි රෝහල්වල රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකවල (ICU) ඇඳන් හිඟයක් පවතී. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ල ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ දැඩි සත්කාර ඒකකයේ ඇති ධාරිතාවය මුළුමනින්ම පාහේ පිරී ඇති බවය
“මෙම ගැටළුව විසඳීම සඳහා දැඩි සත්කාර ඒකක සහ ඉහළ යැපුම් ඒකකවල ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බව ඇය එහිදි පවසා තිබුණි.
හදුනාගෙන ඇති කොරෝනා නව ප්‍රහේදය නිසා ඒ නිසා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම් ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසුවාය
. “වර්තමානයේ වැඩිහිටියන්ට වඩා තරුණයින්ට හට COVID-19 සංකූලතා ඇතිවීමේ හා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් වීමේ ප්‍රවණතාවක් පවතින බවද ඇය සදහන් කර තිබේ.
මේ අතර පසුගිය වසරේ මුලදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අවධාරණය කර තිබුනේ හැකිතාක් (ICU) ඇඳන් ප්‍රශ්ණයට සහ වෙන්ටිලේටර්ස් යන්ත්‍ර පිලිබද ප්‍රශ්ණයට කඩිනම් පිළියම් සෙවිය යුතු බවය.
එහෙත් වත්මන් රජය එය බැරැරුම්ව ගෙන කටයුතු කළ බවක් කිසිලෙසකින්වත් පෙනුනේ නැත.
ඇමති විමල් විරවංශ මිගමුවට පැමිණ (ICU) ඇඳන් නිෂ්පාදනය කිරිමට කටයුතු කරන බව ට මාධ්‍ය සංදර්ශන කිපයක් පැවැත්වුවද සැබැවින්ම (ICU) ඇඳන් ප්‍රශ්ණයට පිළිතුරුක් සපයාගෙන තිබුනේ නැත.
ඉදිරි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් වත්මන් රාජපක්ෂ පාලනය තුල නොතිබිම නිසාම රට දිනෙන් දිනම අර්බුදයට යමින් තිබේ.
පවතින අර්බුදය හමුවේ විද්‍යාත්මක විසදුම් සෙවිමට වත්මන් නායකත්වය නොහැකිව ඇති බව දිනෙන් දිනට ඔප්පු වෙමින් තිබේ