දිව්රන්න එපා!නිර්දෝෂි බව ඔප්පු කරන්න – මෛත්‍රිට ගාමිණි පියතුමා කි කෙලින් කථාව

0
170

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පුකිරීම යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූ ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ අවස්ථාවලදී කරන ‘‍වෙලාව ආවම කියන්නම්’, ‘අවශ්‍ය වෙලාවට කියන්නම්’ හෝ ‘දිවුරනවා’ ආදී ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළ බව බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

කියනවා යැයි කියන දේවල් ප්‍රකාශ කරන්නට තව වසර ගණනාවක් අවශ්‍යද එසේත් නැතිනම් මැතිවරණයක් ආ යුතුදැයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව ද එහිදි සිරිල් ගාමිණි පියතුමන් විසින් අවධාරණය කර තිබුණි.

ඔහුට යමක් ප්‍රකාශ කිරීමට ඇත්නම් ඒ බව නීතිය ඉදිරියේදී හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ කළ හැකි බව ද සිරිල් ගාමිණී මෙහිදි කියා ඇත.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පවසා තිබුනේ  කොළඹ, අගරදගුරු නිල නිවසේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම් හා විනය පරීක්‍ෂණ කළ යුතු අය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ද නිර්දේශ කර ඇතැයි කී පියතුමන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්පූර්ණ වාර්තාව එළිදැක්වීම රජයේ වගකීමක් බව ද පැවසූහ.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය බලය ලබාගැනිම හා බැදුනු කුමන්ත්‍රණයක් බව රජයේ ඉහල නිලධාරින් විසින් පවා ප්‍රකාශ කර තිබියදි මේ දේශපාලකයන් විසින්  දිගින් දිගටමට මේ සමාජය ගොනාට ඇන්දවිමට කටයුතු කරමින් සිටි.

පසුගිය කාලය තුල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන් කිඹුල් කදුළු හෙළු නිමල් ලංසා වැනි දේශාපාලකයන්ගේ හැසිරිමෙන් මේ බව කදිමට සනාථ වෙමින් තිබේ.