දිව්‍ය පුජා,දහම්පාසැල්,තවදුරටත් තහනම් ! ඉතාලියේ ශ්‍රිලාංකිකයන්ගේ මැයි 01 පූජාව පැවැත්වේ !

0
252

Fr.Nevil joe(1.10 pm ) පාස්කු ඉරුදින බෝම්බ පිපිරිමත් සමගින් දිවයින පුරා සියළුම දේවස්ථානවල දිව්‍ය පුජාවන් සහ දහම්පාසැල් පැවැත්විම මේ වන විට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.   ඒ වෙනුවට මෙදින ඉරුදින දිව්‍ය පුජාව කාර්දිනල් හිමියන් විසින් පැවැත්විමට නියමිත අතර එය මාධ්‍ය ඔස්සේ සජිවිව විසුරුවා හැරිමට නියමිතය.
මේ අතර මිගමුවේ ප්‍රධාන මංගල්‍යයක් වන තිල්ලන්දුව පල්ලියේ මැයි 01 යෙදි ඇති ජුසේ මුනිදුන්ගේ මංගල්‍යයද නොපැවැත්වේ.
මේ සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන යාඥාා මෙහෙයන්ද නොපැත්වෙන බව සැලය.
මේ අතර ඉතාලියේ ශ්‍රිලංකියන් කිතුණුවන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පාදුවා නගරයේ මැයි දින දිව්‍ය පුජාව සුපුුරුදු පරිදි මැයි දින 01 වෙනිදා පාදුවා නගරයේදි පැවැත්වෙන එහි සංවිධාන කටයුතු භාරව කටයුතු කරන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් විසින් සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.මෙයට පැමිණෙන අය දිව්‍ය පුජාවට පමණක් මුල් තැන ලෙසත් ඉල්ලා සිටි.
මැයි 01 වෙනිදා පාදුවා නගරයේ ශා.අන්තෝනි මුනිතුමන්ගේ  දේවස්ථානයේ දිව්‍ය පුජාවෙන් පසු කා බි ප්‍රිතිව ගී ගයා නටා සතුට භුක්ති විදිම මෙතෙක් පැවැති සිරිත විය.