දිවුලපිටියේ ඇඟලුම් කම්හලකින් ආසාදිතයන් 19 ක් !

0
110

මේ දිනවල කොරෝනා පිලිබදව වැඩි අවදානයක් යොමුව ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුලින් දිනපතා වාර්තා වන කොරෝනා අසාදිතයන් ගණන අනුව තත්වය වඩාත් බරපතල වෙමින් තිබේ.

ගම්පහ නගරයේ කඩසාප්පු සියල්ලේම සේවකයන් හට පසුගියදා PCR පරික්ෂණ සිදුකර තිබුණ අතර අලව්ව නගරයද දින 3 ක කාලයක් සදහා වසා දැමුණි.

මේ අතර අද දිනයේ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කටුවැල්ලේගම පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට අද (12) හඳුනාගෙන ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම ආසාධිතයන් 19 දෙනාගේ ආශ්‍රිතයන් 80 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කළ බව ද කුලතිලක මහතා පවසා තිබේ

එම කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් පිරිසක් සහ ආසාධිතයන් 19 දෙනාගේ ආශ්‍රිතයන් පිරිසක් පී.සී ආර් පරීක්ෂණයට යොමු කළ බව පැවසු ඒ මහතා එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කටුවැල්ලේගම පිහිටි එම කර්මාන්තශාලාව තුලින් තවත් ආසාදිතයන් හමුවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කර තිබුන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

ඉකුත් ඔක්තෝබර් 03 වෙනිදා සිට අද (12)  දක්වා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ්- 19 ආසාදිතයන් 369 දෙනෙකු සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් 641දෙනෙකු හඳුනාගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
මුලාශ්‍රය – ලංකාදි