දිවුලපිටිය ප්‍රාදේශීය ‍ලේකම්වරියට එජාපයෙන් චෝදනා

0
167

16298670_10158822904070377_1928686192080389973_nදිවුලපිටිය ප්‍රාදේශීය ‍ලේකම්රියට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් කළ දෝෂාරෝපණය සම්බන්ධයෙන් පිළිතුරු බැදීමට ඊයේ  (31) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
මෙහිදී අදහස් දක්වා ඇති කුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉදුනිල් තුෂාර මහතා ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය නිලධාරියෙකු සේවයේ සිටිය යුත්තේ අවුරුදු 5ක කාලයක් බවත්  මෙම ‍ලේකම්වරිය සිය ධුරයේ මේ වනවිට අවුරුදු 7ක රාජකාරියේ නිරතව සිටින බවයි. එමෙන්ම  ප්‍රාදේශීය ‍ලේකම් ධුරයේ සිටියදී  දිවුලපිටිය ප්‍රෙද්ශයේ සිදුවී ඇති වැලි ජාවාරම සම්බන්ධයෙන් ඇයට වෘත්තිමය වගකීමක් තිබෙන බවත් වැලිපස් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයෙන් අවසර ලබාගත යුතු බැවින් පස් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඇය දැන සිටිය යුතු බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉදුනිල් තුෂාර මහතා පවසා තිබේ.
තවදුරටත් පරිසර  අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙම වැලි, පස් හා ජල මූලාශ්‍ර විනාශ කරන පුද්ගලයන් පිළිබඳ  දැඩි පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයාගේ අවධානය පරිසර විනාශය සම්බන්ධයෙන් යොමුවිය යුතු බවටද මන්ත්‍රීවරයා අවධානය යොමුකර ඇත.